නවතම පුවත්

ආනයන සීමාවෙන් , මාසෙකට ඩොලර් මිලියන 75ක් ඉතුරුවෙනවා – මහ බැංකුව

CENTRA
පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම මගින් අවම වශයෙන් ඩොලර් මිලියන 75 ක පමණ මුදලක් මාසිකව ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇත .

කෙසේවෙතත් ඒ සදහා භාණ්ඩ වර්ග 600කට වැඩි ලැයිස්තුවක් සදහා බදු වැඩි කරන ලෙසයි මහ බැංකුව යෝජනා කර තිබුණේ. එහෙත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන සීමා කිරීම සදහා බලපත්‍ර පාලනයට මතු කර ඇත්තේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 ක් පමනි .

. මහ බැංකුව විසින් ආනයන පාලනය සදහා යෝජනා කර තිබූ භාණ්ඩ ලැයිස්තුව අනුව මාසිකව අමෙරිකානු ඩොලර් මිලියන 300 ක පමණ මුදලක් විදේශයන්ට ගලා යන බවටයි ඇස්තමේන්තු කර තිබුණේ.

මේ අතර විදේශයන්හි රැකියාවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දිරි ගැන්වීමට අවධානයට යොමු කරමින් විගණන ප්‍රේෂණ සඳහා ලබාදෙන දීමනාව ඉහළ නැංවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත

ඒ අනුව විදේශ ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කරන විදේශ විනිමය රුපියල් බවට පරිවර්තනය කිරීමෙන් පසු එලෙස පරිවර්තනය කරන ලද අමෙරිකානු ඩොලරයකට රුපියල් 20 දිරි දීමනාවක් ලබාදීමටද රජය තීරණය කර ඇත . මෙමගින් විදේශ ශ්‍රමිකයින්ට තම ප්‍රේෂණ සඳහා සුරක්ෂිතතාවට අමතරව ඉහළ ප්‍රතිලාභයක් ද ලබාගැනීමට අවස්ථාව උදාවන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්