ආනයන සීමා පැනවීම විද්‍යානුකූල නැහැ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තු ගත කර ආනයන සීමා පැනවීම ආර්ථික විද්‍යානුකූලව ප්‍රායෝගික නොවන බව ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා අවධාරණය කර සිටී .

අත්‍යවශ්‍ය හෝ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කවරේද යන්න එක් එක් පුද්ගලයාට සාපේක්‍ෂව වෙනස් විය හැකි බව ඒ මහතා අප වෙබ් අඩවිය වෙත පැවසීය .

. ඒ අනුව සුදුසු විනිමය අනුපාතිකයන් පවත්වාගෙන යාමෙන් වෙළදපොල මගින්ම අදාළ භාණ්ඩය අත්‍යවශ්‍ය හෝ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක් ලෙස තීරණය වීමට ඉඩහැරීම සිදුකළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය .

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තු ගත කර ආනයනය සීමා පැනවීමෙන් සිදුවන්නේ අදාළ භාණ්ඩ නීත්‍යානුකූල නොවන අයුරින් ගෙන්වන කණ්ඩායමකට ලාභ ලැබීම පමණක් බවයි මෙහිදී වැඩිදුරටත් ඒ මහතා පැවසුවේ .