මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ ගිලා බැසීමට ලක් වූ නිවස අවට බෑවුම් ප්‍රදේශයේ ද පොළොව සහ නිවාස පිපුරුම් ලක්ෂණ පෙන්වන බැවින් එම ස්ථානය අනවශ්‍ය ලෙස නැරඹීමට පැමිණ එක්රොක් නොවන ලෙස මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා ඉල්ලා සිටී .
ගිලා බැසීමට ලක් වූ නිවස යටින් ජල පහරක් ගමන් කරන බැවින් නැවතත් කිසියම් නායයාමේ අවදානමක් තිබෙන බැවින් හැකිතාක් එම ප්‍රදේශයෙන් දුරස්ව සිටින ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි.