නවතම පුවත්

මහනුවර නිවස ගිලා බැසීමට පසුගියදා ඇතිවූ භූමිකම්පාව හේතුවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද උදෑසන මහනුවර වැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ල ගිලා බැසිමට මීට පෙර මහනුවර ප්‍රදේශයේ  සිදුවු භු කම්පනය යම් සාධකයක් විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ  මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා පවසයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්‍යවරයා මේ බව පැවැසුවේ මෙම අපදාව සම්බන්ධව මාධ්‍ය වෙත කරුණු පහදමිනි.

එහිදි මහාචාර්‍ය වරයා මෙසේද පැවසීය,

මෙම  ගොඩනැගිල්ල ගිලා බැස ගිය ස්ථානයේ පස් තට්ටුව ගලාගෙන ගොස් ඇති බව නිරික්ෂනය කිරිමේදි පැහැදිලි වු බවත් එය එම භුමියේ ඇති ගල් තට්ටුව මත ඇති පස් තට්ටුව ලිහිල් වි ඇති බවත් මීට සති දෙකකට පමණ  පෙර මහනුවර ප්‍රදේශයේ  සිදුවු භු කම්පනය හා මේ දිනවල මහනුවර ප්‍රදේශයට පවතින අධික වර්ෂාව නිසා එම පස් තට්ටුවට ජලය එකතු වි පාෂාණ  තට්ටුව මතින් මෙම පස් තට්ටුව ගලා යැමක් සිදුවි ඇති බව දකින්නට හැකි වු බවද මහාචාර්‍යවරයා සදහන් කළේය.

එනමුත් භු විද්‍යාත්මක ගවේෂනයක් සිදු කොට එම ගොඩනැගිල්ලේ බවුන්ඩේසම ගලට ඇන්ගල් කර  ( පිහිටි ගලට අමුනා )  ඉංජිනේරුවන් විසින් සකස් කර තිබුනානම් මෙවැනි අනතුරක් සිදු නොවන බවද මහචාර්‍යවරයා පැවැසු අතර මෙම ඉදිකිරිම භු විද්‍යාත්මක ගවේෂනයක් සිදු නොකට වසර 10 කට පෙර ඉදිකිරිමක් හෝ වන්නට හැකි බවද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා පැවැසිය.

බැවුම් වල නිවාස තැනිමේදි භු විද්‍යාත්මක ගවේෂනයක් සිදු කොට භු විද්‍යාඥයාගේ නිර්දේශ  මත යම් ගොඩනැගිල්ලක් ඉදි කිරිම සිදුකල යුතු බවත් මේ මෙම නිර්දේශ  අනුව ගොඩනැගිලි ඉදිකිරිම වසර 10 කට 15 කට පෙර නොතිබු බවත් වර්තමානය තුලදි අනිවාර්යෙන්ම  භු විද්‍යාත්මක ගවේෂනයක් සිදු කොට නිවාස හෝ ගොඩනැගිලි ඉදිකිරිම සිදුකල යුතු බව පැවැසිය.

මෙවැනි අනතුරු වලක්වා ගැනිම සදහා බැවුම් වල ඉදිකර ඇති නිවාස හා සියලුම ගොඩනැගිලි නිසි ප්‍රමිතියට ඇත්ද යන වග ගොඩනැගිලි පර්යේෂන ආයතනයේ නිලධාරින් හා ඉංජිනේරුවන් විසින් වහාම පරික්ෂා කල යුතු බවත් එවැනි ගොඩනැගිලි ඇත්නම් ඒ නිවාස හා ගොඩනැගිලි ආපදාවට ලක් විම නිසා  අනික් නිවාස හා ගොඩනැගිලි වලටද හානි විය හැකි බවද ඒ මහතා පැවැසිය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්