නවතම පුවත්

ආබාධිත රණවිරු සත්‍යග්‍රහය අවසන් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරු හා ආබාධිත රණවිරුවන් ක්‍රියාත්මක කළ සත්‍යග්‍රහය මීට නොබෝ වේලාවකට පෙර අවසන් කළා. ඔවුන් දින 20 ක් පුරා මෙලෙස සත්‍යග්‍රහයේ නිරත වුයේ  කොටුව දුම්රියපළ ඉදිරිපිටදීයි. පසුව ඔවුන් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී උපවාසයක් ද ආරම්භ කළා.

අද උදෑසන සජිත් ප්‍රේමදාස මහතා ආබාධිත රණවිරුවන් හමුවුනා. අද දිවාකාලයේ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද කොටුවට පැමිණ රණවිරුවන් මුණගැසි සාකච්ඡා කරා.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී. වසන්ත සඳහන් කළේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස අද (30) විරෝධතාව පැවති ස්ථානයට පැමිණ තමන් සමග සාකච්ඡා කළ බවයි.එහිදී දුන් පොරොන්දුව සැලකිල්ලට ගනිමින් මෙම විරෝධතාවය අවසන් කිරීමට තීරණය කල බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්