නවතම පුවත්

‘සජිත්ගෙන් පටන් ගමු- තව අවුරුදු 20කටත් එජාපය බලයෙන් ඉවත් කරන්න බෑ’- රනිල්

අසංක

අසංක

අවසන් වරට එක්සත් ජාතික පක්ෂයෙන් බලයට පැමිණි ජනාධිපතිවරයා වූයේ ආර්.‌ප්‍රේමදාස මහතා බවත් දැන් සජිත් ‌ප්‍රේමදාසගෙන් යළිත් එය ආරම්භ කළ හැකි බවත් අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හෙතෙම ‌පෙන්වා ‌ෙදන්නේ ‌මෙවර ජනාධිපතිවරණය ජයගතහොත් තව අවුරුදු 20කටවත් එක්සත් ජාතික පක්ෂය බලයෙන් පහ කළ ‌නොහැකි බවයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පැවැති ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් කළමනාකරුවන් ආමන්ත්‍රණය කරමින් අගමැතිවරයා මේ බව පැවැසීය.

‘මේ සමහර අයට ඡන්ද ගැන විශාල පලපුරුද්දක් තියෙනවා. 77 කරපු අයත් ඉන්නවා. 82 කරපු අයත් ඉන්නවා.  මට ජෝනුයි, ජයවික්‍රමයි දැක්කම 88 කරපු අයත් මතක් වෙනවා. යුද්ධයක් ද ඡන්දයක් ද මං දන්නේ නෑ. අපි අමාරු කාලෙක මේ රටේ ආණ්ඩුව ගත්තේ. රාජපක්ෂ රෙජිමය පැනලා ගිය වෙලාවක. අවුරුදු දෙකක් තියෙද්දී ඇය ඡන්දයක් තිබ්‌බේ ණය ගෙනල්ලා ගෙනල්ලා ලෝකෙන් කොන් වෙලා කරගන්න බැරි වුණු නිසා. අපි භාරගත්තේ විශාල අභියෝගයක්. තව අවුරුදු 20කට එජාපය බලයෙන් ඉවත් කරන්න බෑ කියලා මම කියනවා. එකයි මේක තීරණාත්මක සටනක් කියන්නේ. මෙතනින් දිනන්න ප්‍රතිඵල එනවා. ප්‍රතිඵල ඇවිල්ලා බලය තහවුරු කරන්න. මේ රටේ ඉන්න තරුණ පරපුර 35ට අඩු අය හොද සමාජයක් බලාපෙරොත්තු වෙනවා. මන්ත්‍රී කෙනෙක්ට ඇමති කෙනෙක්ට කියන්නේ නැතුව ප්‍රශ්න විසගන්න පුළුවන් සමාජයක්. අපෙන් අන්තිමට ආවේ ප්‍රේමදාස ජනාධිපතිතුමා. ඒහෙනම් අපි ආයෙත් සජිත් ප්‍රේමදාසගෙන් පටන් ගමු කියලා මම ආරාධනා කරනවා.’

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි