නවතම පුවත්

ආරක්ෂක-බුද්ධි අංශ ප්‍රතිසංස්කරණයක් ඕනෑ- පාස්කු ඉරිදා ප්‍රහාරයේ වාර්තාව කියයි

අසංක

අසංක

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සිය වාර්තාව එළිදක්වමින් ප්‍රධාන ලෙසම අවසන් නිර්දේශ 8 ක් ඉදිරිපත් කර තිබේ.

ආරක්ෂක අංශ සහ බුද්ධි අංශයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණය, ශක්තිමත් මූල්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම, ආගමික අන්තවාදයේ නැගීම පාලනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව, අධිකරණ ප්‍රමාද සම්බන්ධයෙන් කටයුතු කිරීම – නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම වහාබ්වාදය සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව, ආදී නිර්දේශ ඒ අතර වේ

එසේම , මාධ්‍ය වාර්තාකරණය, ව්‍යාජ පුවත් සහ අවධානය යොමු කළයුතු අනෙකුත් ක්ෂේත්‍ර,දේශපාලනඥයින්/ජනතා නියෝජිතයින් වගවීමට සැලැස්වීම මෙන්ම නැඟී එන අන්තවාදය මැඩලීම සදහා අධ්‍යාපන අංශයේ ප්‍රතිසංස්කරණ මෙම නිර්දේශ 8 ට ඇතුලත් වේ.

වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව එම විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද පවතී මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය බුද්ධි අංශය ඇතුළු වගකිව යුතුනිලධාරීන් මේ සම්බන්ධයෙන් නිසි පරිදි කටයුතු කළේ නම් සිදුවු හානිය මීට වඩා අවම කරගැනීමට හැකියාව තිබූ බවයි.

.
කෙසේවෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදිකරුවන් නිර්දේශ කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් නොමැති බවද ඔහු පැවසීය

මෙහි සම්පූර්ණ වාර්තාව පිටු 274 කින් සමන්විත වේ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්