නවතම පුවත්

දේශගුණික විපර්යාස ආරක්ෂාවට තර්ජනයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දේශගුණික විපර්යාස ආරක්ෂාවට තර්ජනයක් බව එක්සත් ජාතින්ගේ ආරක්ෂක කවුන්සලයේදී පසුගියදා ප්‍රකාශයට පත්වී ඇත.

ජර්මන් විදේශ කටයුතු අමාත්‍ය හෙයිකො මාස්  පසුගිය ආරක්ෂක කවුන්සලයේදී මේ බව අවධාරණය කර තිබේ.

ලෝක සාමය සම්බන්ධ ආරක්ෂක කවුන්සල සැසිවාරයට එක්වෙමින් අමාත්‍ය හෙයිකො මාස් මේ බව පෙන්වා දී ඇත.

දේශගුණික විපර්යාස හේතුවෙන් කෘෂිකර්මාන්තය සදහා ජලය මෙන්ම භූමිය අහිමිවීම ඔස්සේ මිනිසුන්ට ජීවනෝපායක් නොමැතිවන බවත් එසේ ජීවනෝපායන් අහිමිවීම අන්තවාදී සහ ත්‍රස්තවාදී කටයුතු ව්‍යාප්තවීමට හේතුවක් බවත් අමාත්‍ය හෙයිකො මාස් අවධරණය කර තිබේ.

අභ්‍යවකාශගාමී ඇලෙක්සැන්ඩර් ගෙරෙස්ට් අභ්‍යවකාශයේ සිට ගත් යුරෝපයේ පැතිකඩක ඡායාරූපයක් පෙන්වමින් අමාත්‍යවරයා මෙම ප්‍රකාශය තහවුරු කර ඇත.

කලින් හරිත වර්ණයෙන් යුතු වනගත ප්‍රදේශ මේ වනවිට කහ පැහැති තණ පිටි බවට පත්ව තිබෙන බවත් කෘෂිකර්මාන්තය සදහා ජලය මෙන්ම භූමිය ඉතා ඉක්මනින් හිගවන බව මේ තුළින් පැහැදිලිවන බවත් අමාත්‍ය හෙයිකො මාස් ප්‍රකාශ කරයි.

මේ පළිබදව එක්සත් ජාතින්ගේ සංවිධානය හරහා නිවැරදි දත්ත හා තොරතුර ලබා ගැනීමේ හා බෙදාගැනීමේ වැදගත්කමත් දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ වැඩපිළිවෙලකට යොමුවීමේ වැදගත්කමත් මෙම ආරක්ෂක කවුන්සල සැසිවාරය ඔස්සේ අවධාරණය වී ඇත.  

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා