නවතම පුවත්

ආර්ථිකය කඩාවැටුණු හේතුව සොයාගනී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2021 වර්ෂයේ දී කොවිට්-19 වසංගතය සමනය වීමත් සමඟ 2020 වර්ෂයට සාපේක්ෂව නිරීක්ෂණය වූ ආර්ථික ක්‍රියාකාරකම්වල ක්‍රමානුකූල වර්ධනය, 2022 වර්ෂයේ ආරම්භයේ සිටහ ආපසු හැරවීමට ලක්වූ අතර මෙම කාලය තුළ සිදුවූ නිරන්තර විදුලිය ඇනහිටීම්, සැපයුම් මාර්ගවලට බාධා කළ දිගු ඉන්ධන හිඟය, අමුද්‍රව්‍ය හිඟය සහ දේශීය හා ගෝලීය වෙළෙඳපොළවල මිල වැඩිවීම්වල ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා ආර්ථිකයේ ප්‍රධාන සංරචක ත්‍රිත්වය වන කෘෂිකාර්මික, කාර්මික සහ සේවා ආර්ථික ක්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස අඩාල විය.

විශේෂයෙන් පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ඇතුලු කෘෂිකාර්මික යෙදවුම්වල හිඟය, යෙදවුම්වල මිල ඉහළ යාම මෙන්ම ඉන්ධන හිඟය හේතුවෙන්, 2022 වර්ෂය තුළ දී කෘෂිකාර්මික අංශය පසුබැසීමක් වාර්තා කළේය. පසුගිය වර්ෂයට සාපේක්ෂව කර්මාන්ත අංශයේ සිදුවූ සැලකිය යුතු පසුබැසීම කෙරෙහි ඉදිකිරීම් කර්මාන්තයේ සහ නිෂ්පාදන කර්මාන්ත කටයුතුවල සිදුවූ කඩාවැටීම බලපා ඇත. ඒ සඳහා අමුද්‍රව්‍ය හිඟය, ඉහළ ගිය යෙදවුම් පිරිවැය, ඉන්ධන හිඟය සහ දිගුකාලීන විදුලිය ඇනහිටීම් බලපා ඇත. කෘෂිකාර්මික හා කර්මාන්ත ආර්ථික කටයුතුවල සිදුවූ පසුබැසීම සමඟ සේවා ආර්ථික කටයුතු ද 2022 වර්ෂයේ දී පසුබැසීමක් වාර්තා කර ඇත.

2022 වර්ෂය තුළ දී ශ්‍රී ලංකා රුපියල තියුණු ලෙස අවප්‍රමාණය වීම හා ඊට සමගාමීව සිදුවූ පොලී අනුපාතිකය ඉතා ඉහළ මට්ටමක් දක්වා වැඩිවීම, දේශීය හා ගෝලීය වශයෙන් සැපයුම් අංශයේ සිදුවූ අඩාලවීම් සහ පරිපාලනමය මිල ගණන් සංශෝධනය කිරීම් හේතුවෙන් උද්ධමනය ඉතා ඉහළ මට්ටමක් දක්වා වැඩිවීම සමස්තයක් වශයෙන් 2022 වර්ෂයේ දුර්වල ආර්ථික කාර්යසාධනය කෙරෙහි බලපා ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2022 වර්ෂයේ සිව්වන කාර්තුව සහ 2022 වර්ෂය සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් මේ බව කියා සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්