ආහාර උද්ධමනය වාර්තාගත ලෙස ඉහලයයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාතික පාරිභෝගික මිල දර්ශකය මෑත කාලයේ වාර්තාකළ වැඩිම අගය පසුගිය ජනවාරියේ  වාර්තා කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එම අගය ජනවාරි මාසයේදී 16.8%ක් ලෙස සටහන් වූ බවය. 2021 දෙසැම්බර් මාසයේ එම අගය සටහන් වූයේ 14%ක් ලෙසයි.

මේ අතර ආහාර උද්ධමනය සියයට 24.4කින් ඉහළ ගොස් ඇති බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ආහාර ද්‍රව්‍ය වල සහ එම ගණනය සඳහා භාවිත කෙරෙන ආහාර නොවන කාණ්ඩයේ මිල වැඩිවීම උද්දමනය මෙලෙස වර්ධනය වීමට හේතුව බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය. සහල්, කිරිපිටි, නැවුම් පලතුරු, නැවුම් මාළු, තිරිඟු පිටි, පාන්, එළවළු, පොල්තෙල්, කුකුල් මස්, මිරිස් කුඩු, වියළි මිරිස්, අමු මිරිස්, මයිසූර් පරිප්පු, ළදරු කිරිපිටි, පොල්, වියළි ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇති අතරකෙසේ වෙතත්, දෙහි සහ බිත්තර සඳහා දර්ශක අගයන්හි අඩුවීමක් වාර්තා විය.