නවතම පුවත්

ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේ දී අපහසුතා සහ අවහිරතා ඇති නොකරන්න – අගමැතිගෙන් පොලිස්පතිට උපදෙස්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇඳිරි නීති සමය තුළ ඇඳිරි නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බවත් එසේ වුව ද එලවලු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනින් වෙළෙඳපොළ ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සඳහා අවශ්‍ය අවසර ලබා දෙන ලෙස ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත අද (2020.03.28) උපදෙස් ලබා දුන්නේය.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයන් වෙත ලබා දීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ විධිමත්ව සහ අඛණ්ඩව කරගෙනයාම  සඳහා අවශ්‍ය එලවලු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානවල සිට වෙළෙඳපොළ වෙත අපහසුතාවකින් තොරව ලැබිය යුතු බැවින් අග්‍රාමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයා වෙත මෙම උපදෙස් ලබා දී ඇත.
එසේම ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේ දී අපහසුතා සහ අවහිරතා  සිදුවන බවට ලැබුණු තොරතුරු පිළිබඳව ද මෙම උපදෙස් ලබාදීමේ දී අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට ලක්ව ඇත.
කොරෝනා (Covid-19) ව්‍යසනය සම්බන්ධව සැහැල්ලුවෙන් නොසිතන ලෙස ද එය ලොවපුරා මාරාන්තික වසන්ගතයක් ලෙස ඉතා වේගයෙන් පැතිරයන බැවින් ඒ සඳහා අවධානය යොමු කරමින් වෛද්‍ය උපදෙස් පිළිපදිමින් මෙම මාරාන්තික වසන්ගතය මැඩලීම සඳහා රජය ගෙනයන වැඩ පිළිවෙළට සහය වන ලෙස ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්