නවතම පුවත්

අමෙරිකාවේ කොරෝනා රෝගීන් ලක්ෂය ඉක්මවයි

අසංක

අසංක

ඇමරිකා එක්සත් ජනපදය තුළ කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වනවිට ලක්ෂය ඉක්මවා ඇත.

මේ වනවිට එරටින් වාර්තා වන සමස්ත අසාදිතයන්ගේ ප්‍රමාණය 104,205 ක් වන අතර . ඉන් 2525 ක් පූර්ණ සුවය ලබා සිටින අතර 1701 ක් මියගොස් ඇත.

තවත් පුද්ගලයන් 2494 ක් බරපතල අසාධ්‍ය තත්වයේ සිටී.
මේ වනවිට ලොව වැඩිම කොරෝන ආසාදිතයන් සංඛ්‍යාවක් සහ වැඩිම ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙනි.

ඇමරිකාව තුළ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් මෙන්ම වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේද නිව්යෝර්ක් ප්‍රාන්තයෙනි.

එම ප්‍රාන්ත වැසියන්ගෙන් 46,262 කට වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ගෙන් 606 දෙනෙකුම ජීවිතයෙන් සමුගෙන තිබේ.

සෙසු රටවලට සාපේක්ෂව ඇමරිකාව තුළ දෛනිකව මියයන ප්‍රමාණය අඩු අගයක් ගනී. කෙසේ වෙතත් වෛරසය පැතිර යන වේගය අනුව එරට තුළ මියයන ප්‍රමාණය ඕනෑම මොහොතක ඉහළ යාමේ අවදානමක් තිබේ.

එරට තුළ පළමු මරණය වාර්තා වූයේ පෙබරවාරි 29 වැනිදාය. පළමු දවස් 10 තුළ මරණ 26 ක් පමණක් වාර්තා වූ අතර ඊළඟ දවස් 10 තුළ එම ප්‍රමාණය 206 ක් දක්වා ඉහළ ගියේය. එතැන් පටන් ගත වූ දින 09 ක කාලය තුළ මරණ ප්‍රමාණය 1701 දක්වා වැඩි වී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්