නවතම පුවත්

ඇඟලුම් කර්මාන්තය රැකගැනීමට, දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍යයි ! – JAAF

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගෝලීය ආර්ථික අවපාතයෙහි ප‍්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර පාරිභෝගික ඉල්ලූම පහළ බැසීම මධ්‍යයේ ශ‍්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) එහි ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීමට සහ දේශීය මෙන්ම ගෝලීය වශයෙන් විශ්වාසය යළි ගොඩනැගීම සඳහා ආර්ථික හා දේශපාලන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් වූ සිය ඉල්ලීම නැවත අවධාරණය කළේය.

මෙම අංශයට මුහුණපෑමට සිදුවී ඇති අස්ථාවරත්වය පිළිබඳව අවධානය යොමු කරමින් JAAF සඳහන් කළේ පෙර නොවූ විරූ අර්බුද හමුවේ වුවද ලැබී ඇති සියලූම ඇණවුම් සහ නිෂ්පාදන කාලසටහන් අඛණ්ඩව සම්පූර්ණ කරමින් ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් අංශය එහි විශිෂ්ට ඔරොත්තු දීමේ හැකියාව ප‍්‍රදර්ශනය කර ඇති බවයි.

කෙසේ වෙතත් ගෝලීය පාරිභෝගික විශ්වාසය දුර්වල වනු ඇතැයි අපේක්ෂා කරන අවස්ථාවක සහ කර්මාන්තයේ බොහෝ දෙනෙක් ඊළඟ කාර්තුවේ ඇණවුම් (ජූනි සිට අගෝස්තු දක්වා) 20% කින් අඩු කිරීමට පෙළඹී සිටින අවස්ථාවක සංගමය අනතුරු ඇඟවූයේ ප‍්‍රතිපත්ති සම්පාදකයින් විසින් ශ‍්‍රී ලංකාව යථා තත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පුළුල් ප‍්‍රතිසංස්කරණ ප‍්‍රමාද කිරීම දිගටම කරගෙන ගිය බවයි.

ඒ අනුව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය නගාසිටුවීම සඳහා ප‍්‍රායෝගික සහ දේශපාලනික නොවන සැලැස්මක් ඉක්මනින් කි‍්‍රයාත්මක කිරීම සඳහා විශ්වාසනීය ප‍්‍රතිපත්ති සහ ක්ෂේත‍්‍ර ප‍්‍රවීණයන් සමඟ වහාම සාකච්ඡා ආරම්භ කරන ලෙස JAAF රජයෙන් ඉල්ලා සිටියේය.

JAAF හි මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා අවධාරණය කළේ එළඹෙන ගෝලීය ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද ඊට ඔරොත්තු දෙමින් ශ‍්‍රී ලංකාව තම ගැනුම්කරුවන්ගේ විශ්වාසය අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම යුගයේ අවශ්‍යතාවය බවයි.

”වසර 30 කට වැඩි කාලයක් – බහුවිධ ගෝලීය සහ කලාපීය ආර්ථික පසුබෑම් ඇතුළුව – ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය ඉතා සූක්ෂම ලෙස ඉහළම මට්ටමේ විශ්වසනීයත්වයක්, ගුණාත්මකභාවයක් සහ නවීන තාක්ෂණික හැකියාවන් පිළිබිඹු කරන කීර්තියක් ගොඩනගා තියෙනවා. විශේෂයෙන්ම මෑත වසරවලදී මෙම ප‍්‍රයත්නයන් නවෝත්පාදනය, තිරසාරභාවය සහ නව විලාසිතා සමඟ ද සමපාත වුණා.”

”දීර්ඝ කාලයක් ශ‍්‍රී ලංකා ආර්ථිකයේ බල කණුවක් ලෙස ක‍්‍රියා කළ මෙම ක්ෂේත‍්‍රය පෙර නොවූ විරූ ජාතික ආර්ථික අවපාතය හේතුවෙන් දැන් බරපතළ තර්ජනයකට ලක්ව තිබෙනවා. ආර්ථිකය යළි නඟාසිටුවීම සඳහා වන ඕනෑම සැලසුමක් හරහා විශාල හා කුඩා ඇඟළුම් නිෂ්පාදකයින්ට සහය දැක්වීමට ප‍්‍රමුඛත්වය දිය යුතු අතර ශ‍්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමට මෙම ශක්තිය උපයෝගී කර ගත යුතුයි. තිරසාර, තීරණාත්මක විසඳුම් දැන් අපට අවශ්‍යයි.” යනුවෙන් ලෝරන්ස් මහතා ප‍්‍රකාශ කළේය.

2021 කාලය තුළ ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් ක්ෂේත‍්‍රය වසරින් වසර (YoY) 22.9% කින් සිය ඉපැයීම් වැඩි කර ගනිමින් අපනයන ඉපැයීම් වලින් ඇමරිකානු ඩොලර් බිලියන 5.42ක් උපයා ඇති අතර සියලූම වෙළඳ භාණ්ඩ අපනයනවලින් අඩකට ආසන්න ප‍්‍රමාණයක් හිමිකර ගෙන ඇත. ඊට අමතරව මෙම කර්මාන්තය වටා මිලියන 1 ක පමණ සෘජු සහ වක‍්‍ර ශ‍්‍රම බලකායක් නිර්මාණය වී තිබීමද විශේෂත්වයකි.

තවද ලෝරන්ස් මහතා සඳහන් කළේ ඇඟළුම් අංශයේ හදිසි අවශ්‍යතාවය වන්නේ මෙහෙයුම් අඛණ්ඩතාව සහතික කිරීම සඳහා ස්ථාවර බලශක්ති සැපයුමක් බවයි.

”පුනර්ජනනීය බලශක්ති තාක්ෂණය, විශේෂයෙන් සූර්ය බලශක්තිය වඩාත් ඵලදායී ලෙස භාවිතා කරන්නන් අතර ශ‍්‍රී ලංකාවේ විශාල ඇඟළුම් නිෂ්පාදකයින් ද ප‍්‍රමුඛත්වය ගන්නවා. බලශක්ති පරිභෝජනයේ අනෙකුත් ප‍්‍රශස්තිකරණයන් සමඟ එක්ව මෙම ක‍්‍රියාකාරී පියවර මඟින් නිෂ්පාදනයට ඇති බාධාවන් අවම කරගෙන තියෙනවා.”

”කෙසේ වෙතත් බලශක්ති සැපයුම සම්බන්ධයෙන් රජයට තම වගකීම් ඉටු කිරීමට නොහැකි නම් කළ හැක්කේ මෙම මුලපිරීම් මධ්‍ය කාලීනව ගොඩ නැගීමයි. රජයේ බලශක්ති සැපයුම්කරුවන් ද එවැනි ප‍්‍රභවයන් කෙරෙහි නව අවධානයක් යොමු කළ යුතුයි.” යනුවෙන් ඔහු පැවසුවේය.

ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට අමතරව ශ‍්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ පද්ධතිමය ප‍්‍රතිසංස්කරණ මෙහෙයවීමේ පළමු පියවර ලෙස 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරනමෙන් ඉල්ලා සිටින ඒකාබද්ධ මණ්ඩලවල ඉල්ලීම ද JAAF නැවත අවධාරණය කළේය.

”බලයේ සිටින අය ද ඇතුළුව සියලූම ශ‍්‍රී ලාංකිකයෝ විශ්වාස කරන පරිදි මෙරට ආර්ථික අර්බුදයට හේතුව අක‍්‍රිය දේශපාලන සංස්කෘතියි. අර්ථවත් ආර්ථිකයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් සාමාන්‍ය පුරවැසියන්ගේ අභිවෘද්ධිය සඳහා තම අවශ්‍යතා කැප කරන විදිහේ දේශපාලන නායකයන් අපට අවශ්‍යයි. පවතින පද්ධතිමය වෙනස් නොවන්නේ නම් වත්මන් අර්බුදයෙන් මිදීමට අවශ්‍ය ස්ථාවරත්වය ළඟා කර ගත නොහැකියි.” යනුවෙන් ලෝරන්ස් මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්