නවතම පුවත්

ඇදිරි නීති කාලය තුළ අඩු ආදායම්ලාභීන් ගැන රජය වැඩි අවධානයක් යොමු කළ යුතුයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මතුව තිබෙන අවදානම් සහගත තත්ත්වය තුළ දේශපාලන භේද පසෙකලා සියලු දෙනා සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ නිලධාරීන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම සිදුකළ යුතුව ඇති බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජේවර්ධන මහතා පැවසීය.

ඒ මතුව ඇති තත්ත්වය පිළිබඳ මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

ඊයෙ දිනයේ ඇඳිරි නීතිය පැනවීම සන්බන්ධයෙන් ගනු ලැබූ තීරණය යහපත් එකක් වුවද ඒ සඳහා අනුගමනය කළ ක්‍රමවේදයන් කිසි ලෙසකින් අනුමත කළ නොහැකි බව ඔහු පවසයි.

සෞඛ්‍ය බලධාරීන් විසින් කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා, ජනතාව එක්රැස් වීම වැළැක්වීමේ අරමුණින් ඇදිරි නීතිය පැනවීමට යෝජනා කර ඇති නමුත් රජය විසින් ඊයේ දිනයේ ඇදිරි නීතිය පැනවීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමත් සමඟ සිදු වූ විශාල ජනතා එක්රැස් වීම තවදුරටත් වසංගතය ව්‍යාප්තියට හේතු වූ බව හෙතෙම සදහන් කරයි.

රට තුළ මෙතරම් අවදානම් සහගත තත්වයක් පවතින මොහොතක වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීමට නාමයෝජනා භාර දීම අවසන් වන තෙක් බලා සිටීම සම්බන්ධයෙන්ද ගැටලුවක් ඇති බව පෙන්වා දුන් විජේවර්ධන මහතා රජය යමක් ජනතාවගෙන් වසන් කිරීමට උත්සාහ දරන්නේද යන්න සම්බන්ධයෙන් සැක සංකා මතුවන බව පැවසීය.

මීට අමතරව ඇදිරි නීතිය පවත්නා කාල සීමාව තුළ සමෘද්ධිලාභී පවුල් සහ වතු කම්කරු ජනතාවගේ සුභසාධනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ වැඩපිළිවෙලක අවශ්‍යතාවය පෙන්වා දුන් රුවන් විජයවර්ධන මහතා දේශපාලඥයින් කළ යුතුව ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම නොව සෞඛ්‍ය බලධාරීන් ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම බවද පෙන්වා දුන්නේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්