නවතම පුවත්

ඇදෙන ඉඩම් නඩුවලට නැවතීමේ තිත !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

” නඩු යන්නෝ වැනසෙන්නෝ ” මේක ලංකාවේ බොහොම ප්‍රසිද්ධ කියමනක්…

මෙවන් කියමින් ඇතිවන්නට මුල්වී ඇත්තේ ඉඩම් නඩු දීර්ඝ කාලයක් තිස්සේ ඇදෙමින් විභාගවන බැවිණි. වසර තිහ හතලිහකින් මෙහා ඉඩම් නඩුවක් විභාග වන්නේ නම් සුවිශේෂීය.

අධිකරණ අමාත්‍යාංශය විසින් ඒ ගැන කළ සොයා බැලීමකදී පෙනී ගොස් ඇත්තේ අධිකරණ පද්ධතියේ ගොඩගැසී ඇති නඩුවලින් සියයට 80 ක් පමණ ඇත්තේ ඉඩම් නඩු බවය. මේ තත්වය වලක්වා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය සාධනීය පියවර රැසක් ගෙන ඇති අතර එහි තවත් එක් ප්‍රතිඵලයක් ලෙස බෙදුම් නඩු පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයට අධිකරණ ඇමතිවරයා විසින් යෝජනාවක්ද ඉදිරිපත්කර තිබුණි.

ඊයේ රැස්වුණු කැබිනට් මණ්ඩලය එම යෝජනාවට අනුමැතිය ලබාදුන් අතර ඒ අනුව ඉඩමක සම අයිතිකරුවන්ගේ අදාල අයිතිවාසිකම් ද සුරක්ෂිත කරමින් අනවශ්‍ය ප්‍රමාදයන්ගෙන් සහ ව්‍යාකූලත්වයන් වැළකෙන අයුරිනන් වර්ථමානයට ගැලපෙන ආකාරයට බෙදුම් නඩු පනත සංශෝධනය වනු ඇත.

බෙදුම් නඩු පනත සංශෝධනය කිරීම සඳහා බෙදුම් නඩු නීතිය සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබ ඇති බෙදුම් නඩු නීති පිළිබඳ උපදේශක කමිටුවේ නිර්දේශ පදනම් කරගෙන දැනට පවතින බෙදුම් නඩු පනත සංශෝධනය වනු ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා