නවතම පුවත්

කොවිඩ් නිසා වැසුණු පාසල් 21 වෙනිදා ඇරෙන හැටි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(දම්පත් රණසිංහ) 

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වසා දැමුණු පාසල් ක්‍රමයෙන් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සාධනීය පියවරක් ගෙන ඇත්තේ සිසුන් 200 කට අඩු පිරිසක් අධ්‍යාපනය ලබන පාසල්වල ප්‍රාථමික අංශ ලබන 21 වෙනිදා විවෘත කිරීමට තීරණය කරමිණි.

අපේ රටේ සමස්ත රජයේ පාසල් සංඛයාව 10,155 කි. ඒ අතර ජාතික පාසල් ඇත්තේ 373 ක් පමණි. කතෝලික , පුද්ගලික සහ අර්ධ රාජ්‍ය පාසල් මෙම ගොන්නට ඇතුලත්ව නැත.

ගුරු වර්ජනය හමුවේ ඔන්ලයින් අධ්‍යාපනය අහිමි වී ඇත්තේද රජයේ පාසල්වල දරුවන්ට පමණි. ඒ සෙසු පාසල්වල ඔන්ලයින් අධ්‍යාපනය ඉතා සාර්ථකව සිදුවන බැවිණි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ 2020 දත්තයන්ට අනුව රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන් ගණන 4,063,685 දෙනෙකි. පිරිමි සිසුන් 2,018,151 ක් සහ කාන්තා සිසුන් 2,045,534 ක් ලෙසිණි. මේ අයගෙන් සිසුන් 796,812 දෙනෙක්ම අධ්‍යාපනය ලබන්නේ ජාතික පාසල්වලය.

එම සංඛ්‍යා දත්තයන්ට අනුව 1-5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අධ්‍යාපනය ලබන සිසුන් ගණන 11,640,647දෙන‍ෙකි. එසේම 6-9 දක්වා ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන සිසුන් ගණන 1,357,437 දෙනෙකි. 10-11 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන සිසුන් ගණන 636,98දෛනෙකි. උසස් පෙළ සිසුන් ගණන 421,114 දෙනෙකි. මෙයට අමතරව විශේෂ අධයාපන ඒකකවල සිසුන් ගණණ 7,502 දෙදෙනකි.

අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තතීරණයට අනුව පාසල් විවෘත වන්නේ 1-5 ශ්‍රේණිවල දරුවන් වෙනුවෙනි. එහෙත් ඒ සමස්ත පාසල් පද්ධතියේම ප්‍රාථමික අංශ නොව. සිසුන් 200 කට අඩුවෙන් අධයාපනය ලබන පාසල්වල ප්‍රාථමික අංශය පමණි.

මෙහිදී කතෝලික, අර්ධ රාජ්‍ය සහ පුද්ගලික පාසල් වෙනුවෙන් පාසල් විවෘත කිරීම ගැන නිර්දේශයක් නිකුත් වී ඇති බවක් පෙනෙන්නට නැත. බොහෝ විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නිර්දේශයන්ට අනුව දැනට විවෘත කිරීමට අවසර ඇත්තේ මේ සිසුන් 200 ට අඩු පාසල්වල ප්‍රාථමිකයන් වන බැවින් එම පාසල්වලටද මේ නීතියම ක්‍රියාත්මක වනු ඇත.

කෙසේ වෙතත් මෙරට රජයේ පාසල් පද්ධතියේ සිසුන් 200 අඩු පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් ඇත්තේ 5,131 කි. ලබන 21 වෙනිදා පාසල් විවෘත කරන්නේ නම් මේ පාසල් 5,1131 ම විවෘත කෙරන්නේ නැත. ඒ 200 අඩු සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන ප්‍රාථමික අංශය ඇති පාසල් ඇත්තේ 3058 ක් වන බැවිණි. ඒ අනුව ලබන 21 වෙනිදා විවෘත වන්නෙම් විවෘත කෙරෙන්නේ එම පාසල් ටික පමණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්