නවතම පුවත්

ඇන්ටාක්ටිකාවේ සැප නිවාඩුවක් ගන්න දුලභ අවස්ථාවක්

අසංක

අසංක

හිහිමෙන් වැසී ගල්ගැසී ගිය ඇන්ටාක්ටිකාවේ සුන්දරත්වය හැමදාමත් දුටුවේ විද්‍යාඥයන් පමණයි. ඊට හේතුවූයේ ජීවත්වීමට අපහසු එම කලාපය තුළ පර්යේෂණ සදහා ගොස් සිටින විද්‍යාඥයන් හෝ විශේෂ මෙහෙයුම් සදහා ගොස් සිටින ආරක්ෂක අංශ හැරෙන්නට කිසිවකුට එහි යාමට පහසුකම් හෝ නොතිබීමයි.

එහෙත් ඔබට ඇන්ටාක්ටිකාවේ අත්දැකීමක් අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ මුදල් සොයාගැනීම පමණයි.

‌‌ඩොලර් 80,000ක් වැනි මුදලක් ගෙවා ඇන්ටාක්ටිකාවේ සුඛෝපභෝගී නිවාඩුවක් ගතකිරීමේ අවස්ථාව ඔබටත් දැන් හිමිව තිබෙනවා.

ඔබට අවශ්‍ය සියලු පහසුකම් මෙන්ම මාර්ගෝපදේශනය ද ලබාදෙන්න ඔවුන් සූදානම්.

ඉග්ලූ නිවාස ආකාරයෙන් ඉදිකර ඇති මෙවැනි රවුම් හැඩයේ නවාතැන්පොළ 6ක් එහි පිහිටා තිබෙනවා.

එක් නවාතැනක දෙදෙනකුට සිටිය හැකියි.

එහි කෑම කාමරය දුටු ඔබට ගේම් ඔෆ් ත්‍රෝන්ස් සිහිවේවි.

පෞද්ගලික සූපවේදියකු ඔබගේ ආහාර සකසා දීමට ද සූදානම්.

ත්‍රාසජනක ක්‍රියාකාරම්වලින් ද අඩුවක් නොවන මෙම නිවාඩුව අතරතුර අයිස් ගුහා, අයිස් කදු තරණය, පර්වත තරණය ආදිය මෙන්ම පෙන්ගුයින්ලාගේ අපූර්වත්වය නැරඹීමේ දුලභ අවස්ථාව ද හිමිවෙනවා.

සතියක පමණ නිවාඩුවකට වැයවන අවම වියදම ලෙස ඩොලර් 80,000ක් වැයවනු ඇති බව කීවත් එම මුදල ඊට වඩා බොහෝසෙයින් වැඩිවනු ඇති බවට ද පැවසෙනවා.

කෙසේවෙතත් මෙවැනි නිවාඩුවක් ගතකිරීමට ඔබට අවස්ථාව ලැබෙන්නේ සෑම වසරකම නොවැම්බර් සිට ජනවාරි දක්වා කාලය තුළ පමණයි.

මන්ද යත් වසරේ වැඩි කාලයක් ඇන්ටාක්ටිකාව අදුරේ පැවතීමයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්