නවතම පුවත්

ඇන්ටාක්ටිකාව රත්වෙයි

අසංක

අසංක

ඇන්ටාක්ටික් මහාද්වීපයෙන් එතෙක් මෙතෙක් වාර්තාවූ ඉහලම උෂ්ණත්වය මෙම සතියේදී වාර්තාවී ඇත.

ඒ අනුව පෙරේදා ( 06 ) දින ඇන්ටාටිකාවේ උතුරු තුඩුව ආශ්‍රිත ප්‍රදේශයේ සෙල්සියස් අංශක 18.3ක පමණ උෂ්ණත්වයක් වාර්තාවූ බවත් , එය එම මහාද්වීපයේ ඉතිහාසය පුරා වාර්තාවූ ඉහලම උෂ්ණත්වය වන බවත් එස්පෙරන්සා ජාත්‍යන්තර කාලගුණ නිරීක්ෂණ ආයතනය අනාවරණය කර ඇත.

ඇන්ටාක්ටික්හි උෂ්ණත්වය මෙසේ ඉහල යාමට ප්‍රධානතම හේතුව ගෝලීය වශයෙන් සිදුවන පරිසර දූෂණය වන බව ලෝක කාලගුණික සංවිධානය ප්‍රකාශ කර සිටී .

මෙම තත්වය යටතේ එම මාහාද්වීපයේ අයිස් කඳු දියවීමට ලක්වී , ඒ හරහා මුහුදු මට්ටමට ඉහල යාමේ අවදානමක් ඇති බවද එම සංවිධානය සඳහන් කර ඇත.

දූපත් රාජ්‍යයන්ට මෙන්ම ලොව පුරා වෙරළාශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට මේ හරහා විශාල තර්ජනයක් එල්ලවනු ඇති බවද එම සංවිධානය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම උෂ්ණත්ව වාර්තා පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට කටයුතු කරන බව ජාත්‍යන්තර කාලගුණ සංවිධානය මෙහිදී නිවේදනය කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා