නවතම පුවත්

ලොව පළමු වතාවට දුම්කොළ නිෂ්පාදන ගැන තොරතුරු දන්වන්න ඇප් එකක්

අසංක

අසංක

ලොව ප්‍රථම වතාවට නීතිවිරෝධී දුම්කොළ හා මත්ද්‍රව්‍ය ප්‍රවර්ධන කටයුතු පිළිබඳව වාර්තා කිරීම සඳහා මහජනතාවගේ දායකත්වය ලබාගත හැකි අකාරයේ සුවිශේෂී ජංගම දුරකථන යෙදවුමක් ( mobile app ) මෙරට දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය විසින් හඳුන්වාදී ඇත.

tu hotspots නම් මෙම යෙදවුම මගින් මෙරට දුම්කොළ කර්මාන්තයට අදාළ තොරතුරු , නීති විරෝධී මත්ද්‍රවය සම්භන්ධ තොරතුරු මෙන්ම දුම්පානය ප්‍රවර්ධනය සඳහා එම සමාගම් සිදුකරන උපක්‍රම පිළිබඳවද වාර්තාකිරීමට මහජනතාවට අවස්තාව සැලසේ.

මෙම ජංගම දුරකථන යෙදවුම මගින් මුළු රටම දුම්කොළ නිරීක්ෂණාගාරයක් බවට පත්කෙරෙන බවත් දුම්කොළ කර්මාන්තය පාලනය සඳහා මහජනතාව වෙතින් මෙවැනි සහයක් අත්‍යාවශ්‍ය වන බවත් දුම්කොල කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා පැවසීය .

මෙම සිංහල දෙමල හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන මෙම නවතම යෙදවුම මාධ්‍ය වෙත හඳුන්වාදීම සඳහා පසුගියදා කොළඹ රේණුකා හෝටලයේ පැවති විශේෂ වැඩමුළුවට එක්වෙමින් රාජසූරිය මහතා මේ බව පැවසීය .

වෛද්‍ය මහේෂ් රාජසූරිය

සිගරට් , බීඩි වැනි දුම්කොළ නිෂ්පාදන බාල වයස්කරුවන්ට විකිණීම , එම නිෂ්පාදන නොමිලයේ බෙදාහැරීම , දුම්කොළ හා මධ්‍යසාර පිලිබඳ වෙළඳ දැන්වීම් , ප්‍රවර්ධන වැඩසටහන් , හා එම සමාගම් විසින් ලබාදෙන අනුග්රාහකත්ව ආදිය පිළිබඳව මෙම යෙදවුම හරහා වාර්තා කල හැකි බවත් රාජසූරිය මහතා මෙහිදී පැවසීය .


එසේම මෙම දුම්කොළ සමාගම් ගොවීන්ට වෙළඳුන්ට දේශපාලන නායකයින්ට හා රජයේ නිලධාරීන්ට සිදුකරන බලපෑම් පිළිබඳවද තොරතුරු දන්නේ නම් ඒ ගැනද මෙම යෙදවුම හරහා දැනුම් දිය හැකි බව රාජසූරිය මහතා පැවසීය .

එසේම දුම්වැටි භාවිතය හෝ වෙළඳ නාම ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කිරීමට අදාළ තොරතුරුද මේ හරහා ලබාදීමේ හැකියාව ඇත.

මෙම යෙදවුම හරහා තොරතුරු සපයන පුද්ගලයින්ගේ අනන්‍යතාවය හා රහසිගතභාවය ආරක්ෂා කෙරෙන බවද මහේෂ් රාජසූරිය මහතා මෙහිදී සඳහන් කළේය .

මෙසේ මෙම යෙදවුම හරහා ලැබෙන තොරතුරු දුම්කොළ හා මධ්‍යසාර පිලිබඳ ජාතික අධිකාරියට ලබාදෙන බවත් ඒ හෙඅහ ඊට අදාළ නීතිමය පියවරයන් ක්‍රියාත්මක වනු ඇති බවත් මෙහිදී අදහස් දැක්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය , ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය. මනුජා පෙරේරා මහත්මිය සඳහන් කලාය.

මෙම තොරතුරු යෙදවුම තුල අන්තර්ගත කර ති සිතියමක විස්තරාත්මකව ප්‍රදර්ශනය කෙරෙන බවත් , ඒ අනුව ඒ හරහා ඕනෑම කෙනෙකුට මෙරට දුම්කොළ හා මධ්‍යසාර කර්මාන්තයේ ක්‍රියාකාරකම් ගැන දැනුවත් විය හැකි බවත් මනුජා පෙරේරාමහත්මිය පැවසුවාය .

වෛද්‍ය මනුජා පෙරේරා

එසේම ජනමාධ්‍යවේදීන්ටද මෙම තොරතුරු තම ලිපි හා වැඩසහන් සඳහා මූලාශ්‍ර ලෙස භාවිතා කල හැකි බව ඇය මෙහිදී අනාවරණය කළාය .

මෙම අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනී වෛද්‍ය ජෙනිෆර් පෙරේරා මහත්මිය ප්‍රධාන ආරධිතාව ලෙස එක්විය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්