නවතම පුවත්

මහ ඡන්දෙට සජිත් කොළඹින්! – රනිල්ගෙන් පිරිසකට අවවාද

අසංක

අසංක

එන්.කේ.චන්ද්‍රප්‍රිය

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ති‍්‍රක්කයෙන් තරඟ කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම කාරණය සම්බන්ධයෙන් පසුගියදා විශේෂයෙන් සාකච්ඡුා කළ බවයි. සජිත් පේ‍්‍රමදාස ඇතුළු පක්‍ෂයේ කිහිප දෙනෙකු අතර එම සාකච්ඡා පැවැති බවත් එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.

විපක්‍ෂ නායකයා ලෙස කටයුතු කිරීම හේතුවෙන් සජිත් පේ‍්‍රමදාස ඉදිරියේදී කොළඹට පැමිණීම ඉතා වැදගත් බවට ඇතැමුන් යෝජනා කර තිබේ.

කෙසේ වෙතත් සජිත් පේ‍්‍රමදාස මහතා පෙන්වා දී ඇත්තේ තමන් කොළඹට පැමිණෙන්නේ නම් තමා කළ සේවය ඉටුකළ හැකි අයෙකු හම්බන්තොටට යැවිය යුතු බවයි.

ඔහු තමන් විසින් යෝජනා කරන අයෙකු විය යුතු බවටද සජිත් පේ‍්‍රමදාස විසින් යෝජනා කර තිබේ.

එමෙන්ම සජිත් ප්‍රෙමදාස වෙත කොළඹ දිස්ති‍්‍රක්කය භාර කිරීමට පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කැමැත්ත පළකර ඇතැත්, හරීන් ප‍්‍රනාන්දුට ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ඡන්දයට ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදීම ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

මහමැතිවරණය ජය ගැනීම සඳහා තම තමන් කටයුතු කළ ආසන හා දිස්ති‍්‍රක්කවල තවදුරටත් සකි‍්‍රයව කටයුතු කිරීම ඉතා වැදගත් බවට පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ හරීන් ප‍්‍රනාන්දු ඇතුළ කිහිදෙනෙකු වෙත අවවාද කළ බවද එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්