ඇදිරි නීතිය අස්සේ මත්කුඩු ජාවාරමේ නිරත වන්නන් නීති විරෝධිව මත්පැන් පෙරන පුද්ගලයින්වත් කොටුකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුමක් දියත්කර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇදිරි නීතිය ආශිර්වාදයක් කර ගනිමින් ජයටම ජාවාරම්වල නිරතවන බවට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම වැටලීම් ක්‍රියාත්මක කරන බව විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.
විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන්ගේ සහය එම වැටලීම් වලට යොදා ගන්නා බව එහි උසස් නිලධාරියෙක් සදහන් කළේය.