ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන අද (02) වන විට දස දහස 10000 ඉක්ම විය.
ඇදිරි නීතිය තදින්ම ක්රියාත්මක කිරීමට පොලීසිය තීරණය කිරීමත් සමග දැන් දිනකට අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් ගණන දහස ඉක්ම වෙමින් තිබේ.
පොලිස් මූලස්ථානය සදහන් කරන ආකාරයට අනුව ඊයේ (01) අළුයම 6.00 අවසන් වූ පැය 24 තුල පමණක් අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 1015 කි. ඒ අය භාවිතා කළ වාහනද 254 ක් පොලීස් භාරයට ගෙන තිබේ.