දම්පත් රණසිංහ
කොවිඩ් 19 වෛරසයෙන් ජනතාව ආරක්ෂා කරලීම සදහා පොලිස් ඇදිරි නීතිය පනවා දින 28 ක් ගෙවී යන අද (16) වන විට ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්දයෙන් 30000 ක පමණ පිරිසක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මේ කාලය තුළ එම ඇදිරි නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සතුව තිබී පොලිස් භාරයට ගත් වාහන ප්‍රමාණය 8000 කට අධිකය. ඒ අතර වැඩි වශයෙන් ඇත්තේ ත්‍රී රෝද රථ සහ යතුරු පැදි බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.
ඇදිරි නීති බලපත්‍ර අවභාවිතා කිරීම් රැසක්ම මේ කාලය තුළ වාර්තා වී තිබේ. අත්‍යවශ්‍ය සේවා ඇදිරි නීති බලපත්‍ර යටතේ මත්ද්‍රව්‍ය, මත්පැන් ආදී ප්‍රවාහනය කිරීම්, මස් පිණිස මරා දැමීමට හොර හරක් ප්‍රවාහනය කිරීම් , නීති විරෝධිව මෙරටට රැගෙන පැමිණි සිගරට් ප්‍රවාහනය කිරීම් ඇතුළු අවභාවිතා කිරීම් රැසක් අනාවරණය වී තිබුණි.