ඇපකරුවන්ගේ ලේඛනයෙන් සිය නම ඉවත්කරන ලෙස මරණීය තර්ජන කළ වාද්දූවේ පිහිටි රාජ්ය බැංකුවකට පෙරේදා (18) දහවල් ඇතුළු වූ පුද්ගලයෙක් බැංකු ආරක්ෂකයින් සහ සේවකයින් එක්ව අල්ලා පොලීසියට භාරදී ඇත.
ණය අංශයේ නිලධාරිනියකගේ ගෙලට පිහියක් එල්ල කිරීමෙන් ගෙලට තුවාල සිදුවී ඇති බැවින් ඇය රෝහල්ගත කර තිබේ.
මෙම පුද්ගලයා සිය මිතුරෙක් බැංකුවෙන් ලබාගත් ණයක් සම්බන්ධයෙන් ඇපකරුවෙක් වී සිටි.
එම ඇපයෙන් තමාව නිදහස්කරන ලෙස ඉල්ලා එම තර්ජනය කර තිබෙන බව වාද්දූව පොලීසිය සදහන් කරයි.
මෙම පුද්ගලයාගේ මානසික තත්වය සම්බන්දයෙන් වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවත් එතෙක් ඔහුව ලබන 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර අධිකරණය පියවර ගත් බවත් පොලීසිය සදහන් කරයි.