ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් 41 දෙනාගෙන් 7දෙනෙක් නාමයෝජනා භාරදී නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි.
3 දෙනකු නාමයෝජනා නොදෙන බවත් 4 දෙනකු අද පැමිණ නැති බවත් හෙතෙම කියාසිටියි.
ඒ අනුව 34දෙනකු නාමයෝජනා භාරදීමට අද කටයුතු කර ඇත.
මේ වනවිට අපේක්ෂකයන් භාරදුන් නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා දෙකක් ඉදිරිපත් වී ඇති බව ද සභාපතිවරයා දැනුම් දුන්නේ ය.
අපේක්ෂකයන් සියලුදෙනා තේපානයෙන් පසුව පෙරවරු 11.45ට යළි කාර්යලය තුළට රැස්විය යුතු අතර කරුණු පැහැදිලි කිරීම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ඒතැන සිටින පිරිසට මෙන්ම සජීවීව ලංකාවට ම රූපවාහිනී හා ගුවන්විදුලිය ඔස්සේ විකාශය කිරීමට සලස්වා ඇත.