නවතම පුවත්

35ක් නාමයෝජනා භාරදුන්නා – මැකොස

අසංක

අසංක

ජනාධිපතිවරණය ‌වෙනුවෙන් අද දිනයේ අපේක්ෂකයන් 35 ‌දෙනකු නාමයෝජනා භාරදුන් බව මැතිවරණ ‌කොමිසමේ සභාපති මහින්ද ‌දේශප්‍රිය මහතා නිවේදනය කළේය.

අපේක්ෂකයන් 41 ‌දෙනකු ඇප තැන්පත් කර තිබූ නමුත් ‌සෙසු පුද්ගලයන් අද පැමිණ තිබුණේ නැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය ‌වෙනුවෙන් ජනපති අපේක්ෂකයකු ‌ෙලෙස ඇප තැන්පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ‌වෙල්ගම මහතා අද නාමයෝජනා භාර ‌නොදී ඉවත් වී තිබුණි.

නාමයෝජනා භාරදීමේ කාලය දැන් අවසන් ය.

සජිත්, ගෝඨා, අනුර නාමයෝජනා භාරදෙති

සජිත් ප්‍රේමදාස, ගෝඨාභය රාජපක්ෂ, අනුර කුමාර දිසානායක ඇතුළු අපේක්ෂකයන් ගණනාවක් මීට සුළු මොහොතකට පෙර නාමයෝජනා භාරදීමේ කටයුතු අවසන් කළේය.

විරෝධතා ගොනුකිරීමේ අවස්ථාව එළඹෙන තෙක් අපේක්ෂකයන් ඇතුළු පිරිස තවමත් මැතිවරණ කොමිසම කාර්‍යාලය තුළ රැඳී සිටිති.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 41 දෙනෙකු ඉදිරිපත් වී සිටින අතරා මෙරට දේශපාලන ඉතිහාසයට වාර්තා කිහිපයක්ම එක්කිරීම ද විශේෂත්වයකි.

———-

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් බොහෝ දෙනෙකු මේ වන විටත් සිය නාමයෝජනා භාරදීමට මැතිවරණ කොමිසමට පැමිණ තිබේ.

සජිත් ප්‍රේමදාස, ගෝඨාභය රාජපක්ෂ, අනුර කුමාර දිසානායක, සිරිතුංග ජයසූරිය, බත්තරමුල්ලේ සීලරතන හිමි , ජයන්ත කැටගොඩ, ඒ.එස්.පී. ලියනගේ මේ වනවිටත් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දීමට පැමිණ ඇත.

අද පෙරවරු 9ට ආරම්භ වූ නාමයෝජනා භාරදීම පෙරවරු 11 දක්වා කාලය ලබාදී ඇත.

ඉදිරිපත් වූ නාමයෝජනා සඳහා විරෝධතා ගොනු කිරීම ද මෙහිදී සිදුවේ.

නාමයෝජනා භාරදීම හෙතුවෙන් රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසම කාර්‍යාලය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්