ඇමති බලතලත් අධිකාරියට යන ඛනිජ තෙල් පනත සම්මතයි

Picture of Roshan

Roshan


පැතුම් වික්‍රමරත්න

ඛනිජ තෙල් කැණීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසෙන ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය.

පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ දවස පුරා පැවැත්විණ. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විවාදයේ පළමු කතාව පැවැත්වීය. පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 20 කට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.

මෙම පනත් කෙටුම්පත මගින් ඛනිජ සම්පත් නියාමනය ඇමැතිවරයාගෙන් ඛනිජ සම්පත් අධිකාරියට පැවරෙන බව ඇමැති උදය ගම්මන්පිල මහතා මෙම විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේය.