නවතම පුවත්

ඇමරිකාවේ ප්‍රාන්ත රැසක් මුඛ ආවරණ පැලදීම බලාත්මක කරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇමරිකාවේ ටෙක්සාස් සහ කැන්සාස් යන ප්‍රාන්තවල මුඛ ආවරණ පැලඳීම ඊයේ (03දා) සිට අනිවාර්ය කිරීමට තීරණය කිරීමත් සමග මේ වනවිට ඇමෙරිකාවේ ප්‍රාන්ත 19ක සහ එය බලාත්මක කර තිබේ.

ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් කියා සිටියේ, “ව්‍යාපාර විවෘතව තබා ගැනීමට සහ අපගේ ආර්ථිකය ඉදිරියට ගෙනයාමට අපට හැකියාව තිබෙනවා. එවිට දිගටම වැටුපක් උපයා ගැනීමට පුළුවන්. නමුත් එකිනෙකා ආරක්ෂා කර ගැනීම සඳහා අප සෑම කෙනෙකුම අපේ කොටස කළ යුතුයි.  එයින් අදහස් කරන්නේ පොදු අවකාශයන්හි මුඛ ආවරණයක් පැලඳීම අනිවාර්යය බවයි” යනුවෙනි.

මේ වනවිට, කැලිෆෝනියා, කනෙක්ටික, ඩෙලවෙයාර්, කොලොම්බියා, හවායි, ඉලිනොයිස්, කැන්සාස්, කෙන්ටකි, මේනේ, මේරිලන්ඩ්, මැසචුසෙට්ස්, මිචිගන්, නෙවාඩා, නිව් ජර්සි, නිව් මෙක්සිකෝව, නිව්යෝක්, ඔරිගන්, පෙන්සිල්වේනියා, රෝඩ් අයිලන්ඩ් සහ ටෙක්සාස් යන ප්‍රාන්තවල මුඛ ආවරණ පැලඳීම අනිවාර්යය කර ඇත.

පසුගිය සතියට සාපේක්ෂව අවම වශයෙන් ප්‍රාන්ත 36ක් මේ වනවිට නව කොවිඩ්-19 ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන අත,ර ඉන් ප්‍රාන්ත 9ක ආසාදිතයන් 50%කට වඩා වැඩි වී තිබේ. ඒවා නම් මොන්ටානා, ඉඩාහෝ, නෙවාඩා, ෆ්ලොරිඩා, ජෝර්ජියා, ටෙනසි, ලුසියානා, ඇලස්කා සහ ඩෙලවෙයාර් ය.

මේ අතර ෆ්ලොරිඩා හි ටැම්පා නගරාධිපතිනී ජේන් කැස්ටර් පැවසුවේ රටපුරා මුඛ ආවරණ අනිවාර්ය කිරීමකට එරෙහි වීමට කිසිදු හේතුවක් නොමැති බවයි. ඒ වෙනුවට ප්‍රාන්ත හා නාගරික බලධාරීන්ට බෝලය පාස් කිරීම හොඳම ඔට්ටුවක් වී ඇතැයි ඇය කීවේය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා මුඛ ආවරණය දේශපාලනමය කාරණයක් බවට පත් කරගෙන ඇති අතර, ඔහු ජනතාවට ආදර්ශයෙන්ම එය පැලඳීමේ වැදගත්කම නොපෙන්වීම නිසා ඔහුගේ අනුගාමිකයන්ද මුඛ ආවරණ ප්‍රතික්ෂේප කරයි.

එමෙන්ම උප ජනාධිපති මයික් පෙන්ස් කියා සිටියේද රට පුරා මුඛ ආවරණ අනිවර්ය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවය. නමුත් ඇමෙරිකාව පසුගියදා ආසාදිතයන් 55,000ක් පමණ වාර්තා කරමින් වෛරසය ආරම්භ වූ දා සිට මේ දක්වා රටකින් වාර්තා වූ දෛනික වැඩිම ආසාදිත අගයද වාර්තා විය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්