කොරෝනා වෛරසයෙන් අමෙරිකාවේ ජිවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 26,000ක් ඉක්මවා තිබෙනවා. ගතවූ පැය 24 තුලදී ඇමෙරිකාවෙන් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 2,407ක් වන අතර දිනක් තුලදී රටකින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වන්නේ මෙයයි.
මීට පෙර අප්‍රේල් 10 වෙනිදා දින ඇමෙරිකාවෙන් පුද්ගල මරණ 2,074ක් වාර්තා වුණා. මේ වන විට අමෙරිකාවෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 26,047 ක් වන අතර රෝගීන් සංඛ්‍යාව 613,886ක් වනවා.
වැඩිම මරණ නිව්යෝක් නගරයෙන් වාර්තා වන අතර, එම අගය 10,834ක් ලෙස දැක්වෙයි. නව කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගත වී මේ වනවිට සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති ඇමෙරිකානුවන් සංඛ්‍යාව 38,820කි.
එමෙන්ම ඇමෙරිකානුවන් 3,081,620කට අධික පිරිසක් මේ වනවිට කොවිඩ්-19 පරීක්ෂණයට බඳුන් කර තිබේ.