නවතම පුවත්

ඇමරිකාව තවදුරටත් කොරෝනා රෝගීන්ගේ වාර්තාවේ මුල් තැන

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වෛරසයෙන් අමෙරිකාවේ ජිවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 26,000ක් ඉක්මවා තිබෙනවා. ගතවූ පැය 24 තුලදී ඇමෙරිකාවෙන් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 2,407ක් වන අතර දිනක් තුලදී රටකින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වන්නේ මෙයයි.

මීට පෙර අප්‍රේල් 10 වෙනිදා දින ඇමෙරිකාවෙන් පුද්ගල මරණ 2,074ක් වාර්තා වුණා. මේ වන විට අමෙරිකාවෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 26,047 ක් වන අතර රෝගීන් සංඛ්‍යාව 613,886ක් වනවා.

වැඩිම මරණ නිව්යෝක් නගරයෙන් වාර්තා වන අතර, එම අගය  10,834ක් ලෙස දැක්වෙයි. නව කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගත වී මේ වනවිට සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති ඇමෙරිකානුවන් සංඛ්‍යාව 38,820කි.

එමෙන්ම  ඇමෙරිකානුවන් 3,081,620කට අධික පිරිසක් මේ වනවිට කොවිඩ්-19 පරීක්ෂණයට බඳුන් කර තිබේ.

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්