නවතම පුවත්

ඇමරිකාව සහ WHO අතර සම්බන්ධතාවය අවසන් නොකරන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එක්සත් ජනපදය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර සම්බන්ධතාවය අවසන් කිරීමට ජනාධිපති ට්‍රම්ප් ගත් තීරණයට අනුව ඔහු කටයුතු නොකරනු ඇතැයි බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ඊයේ (01දා) ජිනීවාහි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

“එක්සත් ජනපදයේ රජය හා ජනතාව සමග ඇතිකරගත් ශක්තිමත් සහයෝගීතාවයෙන් ලෝකය දිගු කලක් තිස්සේ ප්‍රයෝජන ලබා තිබෙනවා. ගෝලීය සෞඛ්‍යය සඳහා එහි ජනතාවගේ දායකත්වය සහ ත්‍යාගශීලීභාවය අතිමහත්. ඒ අනුව මේ සහයෝගීතාව දිගටම පවත්වාගෙන යාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැතුමයි.” අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට වැඩි හිතවාදි බවක් පෙන්වන බව ට්‍රම්ප්ගේ මූලික චෝදනාව වූ අතර, කොරෝනා වෛරසය පිටුදැකීම සඳහා මූලිකව ක්‍රියාත්මක නොවූ බවටද චෝදනා කළේය. ඒ අනුව එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ඇති සබඳතාව අවසන් කරන බවට ට්‍රම්ප් අවස්ථා කිහිපයකදීම තර්ජනය කළ අතර, ඒ සඳහා වූ අරමුදල් තාවකාලිකව අත්හිටුවීමක්ද සිදුකර තිබේ.

– රොයිටර් ඇසුරිනි –

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්