නවතම පුවත්

ඉබෝලා වසංගතය යලිත් හිස ඔසවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉබෝලා වෛරසය මේ වනවිට අප්‍රිකානු කලාපය තුල යම් ආකාරයක හිස එසවීමක් යලි දක්නට ලැබෙන බවත් කොංගෝ රාජ්‍යය තුල පසුගිය දෙන සති දෙක ඇතුලත එම වෛරසය හේතුවෙන් පස්දෙනෙකු මියගොස් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර සිටී .

මෙම වෛරසය අසාධනය වූ තවත් පිරිසක් මේ වනවිට එරට වන්ගාටා ප්‍රදේශයේ රෝහලක ප්‍රතිකාර ලබන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර ඇත.

2018 වසරේදී අප්‍රිකාව තුල පැතුරුණු මෙම ඉබෝලා වසංගතයෙන් සම්පූර්ණයෙන්ම මිදීමට කොන්ගෝ රාජ්‍යයට මෙතෙක් හැකියාව ලැබී නොමැති අතර ඒ අනුව මෙසේ වරින් වර එම වෛරසය මතුවීම සිදුවියහැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් කොරෝනා වෛරසයද කොංගෝව තුල පැතිරයමින් ඇති බැවින් මෙම ඉබෝලා වෛරසය වහා පාලනය කිරීමට අවශ්‍ය පියවරයන් ගත යුතුව ඇති බවත් එරට සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.

2018 වසර තුල කොන්ගෝව තුල ව්‍යාප්ත වූ ඉබෝලා වසංගතය හේතුවෙන් එරට 2500 කට ආසන්න පිරිසක් මියගියහ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්