නවතම පුවත්

ඇමෙරිකානු විදේශ සබඳතා කමිටු යෝජනාවට, ශ්‍රී ලංකාවේ විරෝධය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය හමුවේ ඉදිරිපත් කර තිබෙන යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විරෝධය පළ කර ඇත

ජිනීවා මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව දුන් පෙරොන්දු කඩිනමින් ඉටු කළ යුතු බවට වන යෝජනාවලියක් මෙලෙස අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව වෙත ඉදිරිපත් කර තිබෙන අතර, ඒ සඳහා අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විරෝධය පළ කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති එම යෝජනාවලියට ශ්‍රී ලංකාව සම්බන්ධ කරුණු 7ක් ඇතුළත් කර තිබෙන අතර, අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල විදේශ සම්බන්ධතා කමිටුව වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ යෝජනාවලිය ඉදිරිපත් කර ඇත්තේ කොංග්‍රස් මණ්ඩලයේ සාමාජිකාවක් වන දෙබොරා රෝස් විසින් බව අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවේ විරෝධය මේ සම්බන්ධව දැනටමත් අදාළ කමිටුව වෙත ප්‍රකාශ කර ඇති අතර, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමටද අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා තානාපති කර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්