නවතම පුවත්

ඊශ්‍රායලයේ විපක්ෂය නව රජයක් පිහිටුවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීම සඳහා දේශපාලන සගයන් සමග එකඟතාවකට පැමිණ ඇති බව එරට විපක්ෂ නායකයා විසින් ඊශ්‍රායල් ජනාධිපතිවරයාට නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමග වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ධුරයෙන් ඉවත් වීමට සිදුවන බව විදෙස් වාර්තා පවසයි.

නව රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් වූ ඊයේ මධ්‍යම රාත්‍රියට පෙර දැනුම්දීම සිදුකර යුතුව තිබූ අතර, ඒ අනුව ඊට විනාඩි 35කට පෙර විපක්ෂ නායක යායර් ලැපිඩ් විසින් ජනාධිපති රුවීන් රිව්ලින් වෙත ඊමේල් පණිවුඩයක් නිකුත් කරමින්, “මම රජයක් පිහිටුවීමට සමත් වූ බව ඔබට දැනුම් දීමට ලැබීම මට ගෞරවයක්.” යැයි පවසා තිබේ.

ඒ වනවිට ඊශ්‍රායලයේ පාපන්දු කුසලාන අවසන් මහා තරගය නැරඹීමට සහභාගී වී සිටි රිව්ලින්, ලැපිඩ්ට දුරකථනයෙන් සුබ පැතූ බව ඔහුගේ කාර්යාලය පවසයි.

ලැපිඩ්ගේ ප්‍රධාන සහකරු වන්නේ නෆ්තාලි බෙනට් ය. ඒ අනුව ඔවුන් දෙදෙනා අගමැති ධුරය හුවමාරු කරගෙන පාලනය කරනු ඇති අතර, ඒ යටතේ මුලින්ම බෙනට් මුලින්ම අගමැති ලෙස සේවය කරනු ඇති බවද සඳහන් වෙයි. හිටපු මුදල් ඇමතිවරයෙකු වන 57 හැවිරිදි ලැපිඩ් වසර දෙකකට පමණ පසු එම ධුරය භාර ගනු ඇත.

ඔවුන්ගේ සභාග ආණ්ඩුව දේශපාලන වර්ණාවලියට අයත් කුඩා හා මධ්‍යම පක්ෂවල එකතුවකින් සමන්විත වන අතර ඊශ්‍රායල ඉතිහාසයේ ප්‍රථම වතාවට ඊශ්‍රායලයේ 21%ක අරාබි සුළුතරය වන එක්සත් අරාබි ලැයිස්තුව නියෝජනය කරන පක්ෂයක්ද ඊට ඇතුළත් වීම සුවිශේෂී අවස්ථාවකි.

මෙම නව ආණ්ඩුව මෙතැන් සිට දින 10-12ක් පමණ කාලයකින් දිවුරුම් දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. නමුත් අවසන් මොහොත දක්වාම නෙතන්යාහු සිය බලය රැක ගැනීමට උත්සාහ කරනු ඇති බවත්, ඔහු ඒ සඳහා දේශපාලන උපාය මාර්ගයන් ක්‍රියාත්මක කරනු ඇති බවත් දේශපාලන විචාරකයෝ පවසති.

කෙසේ වෙතත් ආසන්න සති කිහිපය තුළ ගාසා තීරයේ පලස්තීනය වෙත පහර දෙමින් වඩාත් නොසන්සුන්කාරී හැසිරීමක් පෙන්නුම් කළ නෙතන්යාහුට මෙවැනි ඉරණමක් ඉක්මණින්ම අත්වනු ඇති බව කිසිවෙකු නොසිතූහ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්