නවතම පුවත්

ඇමෙරිකාව , විදේශිකයින්ට දොර අරී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සිය රටට ඇතුළුවන විදේශිකයින්ට පනවා ඇති සංචරණ සීමා ලිහිල් කිරීමට අමෙරිකාව තීරණය කර ඇත .

ඒ අනුව බ්‍රිතාන්‍යයෙන් හා යුරෝපා රටවලින් මෙන්ම අනෙකුත් රටවලින් පැමිණෙන පුද්ගලයින්ට ද අමෙරිකාවට ඇතුළුවීමට අවසර හිමිවනු ඇත

එම ක්‍රියාවලියට අනුව පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින විදෙස් සංචාරකයින් සඳහා ලබන නොවැම්බර් මාසයේ සිට අමෙරිකාවට ඇතුළුවීමට හැකිවනු ඇති බව ධවල මන්දිරය නිවේදනය කර ඇත .

එලෙස ඇතුළුවිය හැකි සංචාරකයින්ද පරීක්ෂණවලට පෙනී සිටීම වැනි කොන්දේසිවලට යටත් විය යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග පසුගිය වසරේ මුල් භාගයේ සිට අමෙරිකාව සිය රටට ඇතුළුවන සංචාරකයින් සඳහා දැඩි සීමා පනවා තිබිණ.

කෙසේවෙතත් යුරෝපයේ ඇතැම් රටවල් සමග පවතින සබඳතා යම් මට්ටමකින් බිඳ වැටී ඇති අවස්ථාවක ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීමකට පිළිතුරු දීමක් වශයෙන් අමෙරිකාව මෙම පියවර ගෙන ඇති බවයි ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙන්නේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්