නවතම පුවත්

ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ඓතිහාසික බොදු සමුළුවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(නිශාන්ත අල්විස්)

ඉන්දීය ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය අනුග්‍රාහකත්වය යටතේ ලෝක බෞද්ධ සමන්ත්‍රණයක් පැවැත්වෙි. එය නොවැම්බර් මස 19 සහ 20 වැනිදා බිහාර් ප්‍රාන්තයේ නාලන්දාහි නව නාලාන්දා මහා විහාර් විශ්ව විද්‍යාලයීය පරිශ්‍රයේ පැවැත්වෙන බව, සංස්කෘතික කටයුතු පිළිබඳ ඉන්දීය කවුන්සලය නිවෙිදනය කෙළේය .
මෙම උත්සවය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ගේ ප්‍රධානත්වයෙන් සංවිධාන කෙරේ. බෞද්ධ දර්ශනය ප්‍රවර්ධනය සහ ඊට අනුග්‍රාහකත්වය දැක්වීම මෙහි මුලික අරමුණයි.
ඒ වෙනුවෙන්, නොවැම්බර් 21 වැනිදා නව දිල්ලියේදී සාහිත්‍ය සමිමාන උත්සවයක් ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධාන කෙරෙනු ඇත. සමිමන්ත්‍රණ⁣යේදී බෞද්ධ දර්ශනය හා සාහිත්‍යය කෙරෙහි මුලික අවධානය යොමු කෙරේ. මෙම සමිමන්ත්‍රණය මුළුමනින්ම ශ්‍රාස්ත්‍රීයව පැවැත්වෙන අතර, ප්‍රමුඛ ශාස්ත්‍රඟදයින් රැසක් ඊට එක්වීමට නියමිතයි.
සංස්කෘතික කටයුතු පිළිබඳ ඉන්දීය කවුන්සලයේ අධ්‍යක්ෂ ජනරාල් දිනේෂ් කේ පටිනායි මහතා එරට මාධ්‍යයට සඳහන් කර ඇත්තේ , මීට නව නාලන්දා මහා විහාර් විශ්ව විද්‍යාලයේ හා ඉන්දීය ජාත්‍යන්තර බෞද්ධ කොන්ෆෙඩරේෂනයේද සහය ලැබෙන බවයි.
ජාත්‍යන්තර සමිමෙිලනයට සමගාමීව, ධර්මසාලා , ගැංග්ටොක්, සාරානාත්, තෙලංගනා යන ඉන්දීය ස්ථානවල මෙන්ම කාමිබෝජය, දකුණු කොරියාව , ජපානය, තායිලන්තය යන රටවලද මීට සමගාමීව උත්සව සංවිධාන කෙරේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්