ඇල්ල රොක් ගින්න ගැන විශේෂ පරික්ෂණයක් ඇරඹේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගියදා ඇල්ල රක්ෂිතයේ ‘‘ඇල්ල රොක්’’ නමින් හැදින්වෙන දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත කඳු මුදුනේ  පැතිර ගිය ගින්න සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා. එය මිනිස් ක්‍රියාකාරකමක් නිසා පැතිර ගිය ගින්නක් බවයි පොලිසිය සැක පළ කරන්නේ.

ඒ අනුව, රක්ෂිතයට බලපෑම් සිදුකළ පුද්ගලයන් සොයා මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව ඇල්ල පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියා සිටියේ.

ප්‍රදේශයේ පරිසර පද්ධතියට මෙන්ම, සංචාරක කර්මාන්තයට ද බලපෑම් එල්ල කරමින් දින දෙකක් පුරා පැතිර ගිය ගින්න පාලනය කරන විටත්, අක්කර 20 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබුණා. යුධ ගුවන් නාවික හමුදා හෙළිකොප්ටර් යානා පවා යොදාගෙන ගින්න නිවා දමන්න කටයුතු කලා.