නවතම පුවත්

ඇස්ට්‍රසෙනිකා දෙවන මාත්‍රාව දැනටමත් ප්‍රමාදයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ගත් මෙරට  බොහෝ පිරිසකගේ දෙවෙනි එන්නත් මාත්‍රාව ලබා ගත යුතු කාල සීමාවද මේ වනවිට   ඉක්මවා ගොස් ඇතැයි  සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කර සිටී .

පළමු එන්නත් මාත්‍රාව  දීමෙන් පසු දෙවෙනි මාත්‍රාව , සති 8 -12 අතර කාලයක් ඇතුළත ලබාදිය යුතු බව ලොව පුරා බොහෝ  විශේෂඥයින්ගේ මතය වී ඇති නමුත් එම කාලසීමාව තුල දෙවන මාත්‍රාව ලබාගැනීමට නොහැකිවූ ලක්ෂ පහ ඉක්මවූ පිරිසක් තවම මෙරට තුල සිටින බවද දැනගන්නට ඇත .

එසේම පළමු මාත්‍රාවෙන් සති දාසයකට පසුව ශරීරරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෛරසයට ප්‍රතිචාර දැක්වීම ක්‍රමයෙන් අඩු වන බවත් එසේ අඩුවී . ඇති අවස්තාවක  දෙවෙනි මාත්‍රාව ලබා දුනහොත් ඉන් අපේක්ෂිත ප්‍රතිඵල අත්නොවන බවත් වෛද්‍ය විශේෂඥයින්ගේ මතය වී ඇත .

එලෙස කල් ඉකුත්වී දෙවන මාත්‍රාව ලබාදුන් විට , ප්‍රතිශක්තිකරණය සතුටුදායක මට්ටමකට වැඩි නොවන බවත් එම විශේෂඥයින් පවසයි .

කෙසේවෙතත් මෙසේ අස්ට්‍රසේනිකා පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවෙනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දිය හැකි දැයි නිර්දේශ කිරීම සඳහා එන්නත් පිළිබඳ විද්වත් කමිටුව ලබන සතියේදී රැස්වීමට නියමිතය .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ගුණවර්ධන මහතා පවසන්නේ එන්නත් පිළිබඳ විද්වත් කමිටුව ලබන සතියේ දිනකදී රැස්වී ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරනු ඇති බවය .

එම නිර්දේශ සැලකිල්ලට ගෙන තීරණයකට එන බවද ඔහු ප්‍රකාශ කළේය .

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්