නවතම පුවත්

සැප්තැම්බර් වනවිට මෙරට මිලියන 13කට එන්නත් දෙනවා – ජනපති (Full Speech)

අසංක

අසංක

මෙරට සමස්ත ජනගහනයෙන් මිලියන 13 ක ජනතාවකට සැප්තැම්බර් මාසය අවසන් වන විට එන්නත්කරණය සිදු කිරීමට හැකි වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මේ වනවිට මෙරට තුළ මිලියන 3 කට එන්නත් ලබාදී අවසන් බවද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව පැවැසීය.

ඇස්ට්‍රාසනිකා එන්නත් 1,264,000 සයිනොෆොම් එන්නත් 3,100,000 ක් ස්පුට්නික් එන්නත් 13,0000ක් වශයෙන් මුළු එන්නත් මාත්‍රා 4494000ක් මේ වනවිට ලැබී තිබෙන බව ජනාධිපතිවරයා කීය.

ජූලී මාසයේදී සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4 ක් සහ සයිනොවැක් මාත්‍රා මිලියන 2.5 ක් ලැබීමට නියමිත බවත් එසේම ස්පුට්නික් මාත්‍රා මිලියන 2 ක් ද ලබා ගැනීමට කටයුතු යොදා තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ අතර අගෝස්තු මාසයේ සයිනොෆාම් මාත්‍රා මිලියන 5 ක් , සයිනොවැක් මාත්‍රා මිලියන 2.5 ක් , ස්පුට්නික් මාත්‍රා මිලියන 2 ක් ලැබීමට නියමිතයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්