නවතම පුවත්

ඇස්ට්‍රාසෙනෙකා ගත් කොළඹ වැඩිහිටියන්ට අද සිට ෆයිසර්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* ගුරුවරුන්ටත් අද සිට එන්නත්
* ලක්ෂ 12කට එන්නත් දී අවසන්ප්‍රබෝධා හෙට්ටිආරච්චි

අස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් අයට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම අද (7)සිට අරඹන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රාව ලබාගත්, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල අවුරුදු 55 ට වැඩි පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම අද සිට සිදුකෙරේ.

මේ අතර දිවයින පුරා පාසල්වල ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කොරෝනා එන්නත් ලබාදීම ද අද (07) සිට අරඹන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි .

එන්නත් ලබාදීම අද සිට ආරම්භ කිරීමෙන් පසු එම වැඩපිළිවෙළ සති දෙකක පමණ කාලයක් දිගටම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ අතර කොවිඩ් මර්දනය කිරීම සඳහා පූර්ණ එන්නතකරණයට ලක් කළ මෙරට පුද්ගලයින් ලක්ෂ 12 ඉක්මවා ගොස් තිබිණ.

ඊයේ උදෑසන වනවිට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් හෙවත් පූර්ණ එන්නත්කරණයට ලක් කළ සංඛ්‍යාව 1269151ක් වන බව කොළඹ වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස 384277ක් වන අතර සයිනෝෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස 870446ක් සහ ස්පුට්නික් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස 14428ක් බවද සෞඛ්‍ය අංශය දත්ත වාර්තා වල සඳහන් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්