නවතම පුවත්

දම්වැල් දමා ඝාතනය කළ කට්ටඩියාගේ මරණයට අනියම් බිරිය ඇතුළු 3ක් අත්අඩංගුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිට හංවැල්ල ඇඹුල්ගම කුළී නිවසකට කඩා වැදී කට්ටඩියකු පැහැරගෙන ගොස් දෑත් දෙපා ගැටගසා හිසට කුලු ගෙඩියකින් පහරදී ඝාතනය කර කැලණි ගඟට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික නාවික සෙබළකු ඇතුළු තිදෙනකු ඊයේ (28) නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට ගත් අය අතර කට්ටඩියාගේ අනියම් බිරිද සහ විශ්‍රාමික නාවික සෙබලාගේ ඥාතියෙක්ද සිටින බව පොලීසිය සදහන් කරයි.

එම පුද්ගලයා පැහැර ගැනීමට යොදා ගත් යතුරු පැදියද කට්ටඩියාගේ හිසට පහරදීමට යොදා ගත් කලු ගෙඩියද පොලීසිය සොයා ගෙන ඇත. ඊට අමතරව ඔහුගේ දෑත්දෙපාවලට දමා තිබූ දම්වැල්වල ඉබ්බන්ගේ යතුරුද සොයාගෙන තිබේ. කුලු ගෙඩිය රනාලේ වෙළද සැලකින් මිලදී ගෙන ඇත. කට්ටඩියාගේ මළ සිරුර සොයා ගැනීමෙන් අනතුරුව හිසට වෙඩි තබා ඇතැයි පොලීසිය සැක කර ඇත්තේ කුලු ගෙඩිි පහරවල් නිසා බව ද අනාවරණය වී ඇත.

මෙම ඝාතනයට මුල්වී ඇත්තේ කට්ටඩියාගේ අනියම් බිරිදට විශ්‍රාමික නාවික සෙබලාද පෙම්කරන්නට යාම බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ. විශ්‍රාමික නාවික සෙබලාද විවහාකයෙක් බව පොලීසිය කියයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්