නවතම පුවත්

ක්‍රිකට් ගහන්න ගිහින් ආතල් ගත් කුසල්-ධනුෂ්ක-නිරෝෂන්ට තහනමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* වහාම දිවයිනට
* විනය පරීක්ෂණයක්

පැතුම් වික්‍රමරත්න/ ප්‍රබෝධා හෙට්ටිආරච්චි

එංගලන්ත තරග සංචාරය සඳහා ගොස් සිටි උප නායක කුසල් මෙන්ඩිස්, කඩුලු රකින/පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ පිතිකරු ධනුෂ්ක ගුණතිලක  ක්‍රිකට් තහනමකට යටත් කොට තිබේ.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි කළ කැඳවීමට අනුව ඔවුන් දිවයිනට පැමිණීමට නියමිතය.

මොවුන්ට ක්‍රිකට් තහනමක් පැනවීම පිළිබද ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ඊයේ (28) පස්වරුවේ එම තීරණය ගෙන තිබුණි.

එංගලන්ත තරග සංචාරය අතරතුර ජෛව බුබුල සීමා උල්ලංගනය කරමින් වීදි සරමින්, මූලික විනය සිද්ධාන්ත උල්ලංගනය කිරීමේ වරදට කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් දෙදෙනා මෙලෙස ශ්‍රී ලංකාවට යළි කැඳවීමට තීරණය කර ඇති බවත් කණ්ඩායමේ කළමනාකරු ගෙන් මේ සම්බන්ධයෙන් වාර්තාවක් ද ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළ‌ේය.

මෙම ක්‍රීඩකයින් දෙදෙනා එංගලන්තයේ, ඩර්හැම් නගරයේ  රාත්‍රී කාලයේ විදියක සැරිසරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සැරිසැරීත්ම සමග  ක්‍රිකට් ආයතනයේ මෙම පියවර ගෙන ඇත .

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන බවත් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියා මාර්ග ගන්නා බව ක්‍රිකට් ආයතනයේ  සභාපති ශම්මි ද සිල්වා මහතා මාධ්‍ය වෙත පවසා ඇත.

මේ අතර මේ පිළිබද අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා තිබුණේ රට නියෝජනය කිරීමට අවස්ථාව හා කාලය ලබාදුන් පසුව තරුණ ක්‍රීඩකයන් ඉලක්කයක් නොමැතිව, විනය නීති උල්ලංගනය කරන්නේ නම් ඒ පිළිබද දැඩි පියවර ගත යුතු බවයි.

මේ පිළිබඳ ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව අයැදීමට ඊයේ (28) ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් ජනිත් කටයුතු කර තිබුණි.

මෙම සිදුවීම විදේශීය ක්‍ර්‍රීඩකයන් පවා සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසයට ලක්කර තිබෙනු දක්නට ලැබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්