නවතම පුවත්

ඇෆ්ගනිස්තානයේ මානුෂීය අර්බුදයක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාකිස්තානයේ සිට පැමිණෙන ඇෆ්ගනිස්තාන සරණාගතයන් හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ මානුෂීය අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව පවසයි.

ඒ අනුව, එය පාලනය කිරීමට වහාම අතිරේක මානුෂීය ආධාර රැස් කළ යුතු බවට ඔවුහූ අවධාරණය කරති.

පාකිස්තානයේ වාසය කළ ඇෆ්ගනිස්තාන සංක්‍රමණිකයන් දහස් ගණනක් නැවතත් ඇෆ්ගනිස්තානයට සංක්‍රමණය වුණේ, පාකිස්තාන රජයේ නියෝගයක් අනුවය.

මේ සමඟ ඉදිරියේ දී දැඩි මානුෂීය අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව පවසයි.

ඇෆ්ගනිස්තාන ජනගහනයෙන් තුනෙන් දෙකකට දැනටමත් මානුෂීය ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන් ගේ සහන කණ්ඩායම් පෙන්වා දෙයි.

ඒ අනුව, ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව අවධාරණය කරන්නේ, ඇෆ්ගනිස්තානයට අතිරේක මානුෂීය ආධාර රැස් කළ යුතු බවය.

එමෙන්ම, රටේ තත්ත්වය ස්ථාවර වන තෙක් පාකිස්තානයේ සිට පැමිණෙන සංක්‍රමණිකයන්ට සහාය වන ලෙස ද ඔවුන් අසල්වැසි රටවලින් ඉල්ලීම් කර ඇතැයි සඳහන්ය.

පාකිස්තානය මෙම තීරණයට එළැඹුණේ, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පසු ව වීම වීශේෂත්වයකි.

පාකිස්තානය එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානයට චෝදනා එල්ල කළත් පාකිස්තානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

කෙසේ වුව ද පාකිස්තානයේ මෙම හදිසි ක්‍රියාමාර්ගය පිළිබඳ මානව හිමිකම් සංවිධාන රැසකින් එල්ල වී ඇත්තේ දැඩි විරෝධයකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්