නවතම පුවත්

ඩිජිටල් ආර්ථිකයෙන් ඩොලර් උපයන මඟක් අද අයවැයෙන්

අසංක

අසංක

2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් ඩිජිටල් ආර්ථිකයන් තුළින් ශ්‍රි ලංකාවට ලබා ගැනිමේ අරමුණින් ක්‍රියාත්මක DIGIECON ආර්ථික සංකල්පය ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය යෝජනා අද අයවැය තුළින් ඉදිරිපත් කරනු ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසයි.

එහි නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සචිත්‍ර සමරරත්න මහතා පැවසුවේ ශ්‍රි ලංකාවේ පළමු වරට පුළුල් රාජ්‍ය සහ පුද්ගලික හවුකාරිත්වයක් යටතේ ඩිජිටල් ආර්ථිකය ගොඩනැංවීමටද ජනාධිපතිවරයා තාක්ෂණ අමාත්‍යංශයට උපදෙස් දී ඇති බවයි.

ඒ අනුව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සියලු පාර්ශව සමඟ ඉතා සාර්ථක සාකච්ජා ගණනාවක් පැවත්වූ බවත්, එහිදී ලැබුණු යොජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දී ඇති බවත් සචිත්‍ර සමරරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සචිත්‍ර සමරරත්න මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන “වන් ඕ වන් කතා” වැඩසටහනට එක්වෙමිනි.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ සචිත්‍ර සමරරත්න මහතා මෙසේද සඳහන් කළේය.

“පරිගණකයෙන් කරන්න පුළුවන් දේවල් ගැන කතා කරන විට අප ‘e ‘ශ්‍රී ලංකාව පිළිබඳ කතා කළා. 2015 වන විට ‘e‘ වලින් වෙනස් වෙලා ඩිජිටල් කියන කාරණය කරලියට ආවා. එසේම ඩිජිටල් කියන කාරණය ස්මාර්ට් ෆෝන් එකට ආවා. ආර්ථිකය තුළ අප දකින ගැනුම් විකුණුම් වැනි කටයුතු පවා අද වන විට ඩිජිටල්කරණය වෙලා තිබෙනවා. මේ විශාල වෙනස ඇතිවුණේ අන්තර්ජාලය හරහායි.

මේ වසරේදී ජනාධිපතිතුමාගේ උපදෙස් මත DIGIECON ආර්ථික සංකල්පය ඉදිරිපත් කළා. එය 2030 වසර දක්වා ගෙන යන සාර්ථක වැඩපිළිවෙළක්. ඩිජිටල් කියන දේ හැමදාම වෙනස් වන දෙයක්. රාජ්‍ය හා පෞද්ගලික අංශ එකතු කරගෙන ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමේ පළමු පියවර මේ වනවිට තබා තිබෙනවා. එමඟින් දැනට තිබෙන ආර්ථිකය වර්ධනයට ඩිජිටල්කරණයේ දායකත්වය 20%ක් දක්වා වර්ධනය කිරිමට හැකියාව ඇති කරනවා. මේ හරහා විශාල ආර්ථිකය දියුණුවක් ලබාගත හැකියි. ලංකාවේ බොහෝ දෙනෙක් මෙම ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තිය නිර්මාණය කිරිමට දායක වී තිබෙන බවත් කිවයුතුයි. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශය මෙන්ම ලෝක බැංකුව සමඟ එක්වයි.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්