නවතම පුවත්

ඉතාලියේ නගර 12කට සංචාරක සීමා-කොරෝනා අසාදිතයන් ඉහළට

අසංක

අසංක

කොරෝනා වෛරස රෝගයෙන් ඉතාලි ජාතිකයින් දෙදෙනකු මියයෑමත් සමඟ ආසාදන තවදුරටත් ඉහළයෑම නැවැත්වීම සඳහා එරට නගර 12 කට සංචාරක සීමා පැනවීමට ඉතාලි රජය පියවර ගෙන ඇත.

මිලාන් හා රෝම නගර වලින්ද රෝගීන් හමුවීම හේතුවෙන් එරට ජනතාව දැඩි ලෙස භීතියට පත්ව ඇති බව මාධ්‍ය වාර්තා කර ඇති අතර ඒ අනුව එමනගර නගර වලද පාසල් සහ කඩ සාප්පු වසා දමා ඇති අතර ආසාදිතයින් බහුලව හමු වූ ස්ථාන වලට ඇතුල්වන්නන්ට හා පිටවන්නන්ට විශේෂ අවසර ලබා ගතයුතු බව දැනුම් දී ඇත.

මිලාන් ද ඇතුළු ව උතුරු ඉතාලියේ සැණකෙළි, සැමරුම්, ක්‍රීඩා ඉසව් වැනි පොදු ක්‍රියාකාරකම් තහනම් කර ඇති අතර 50,000 ක පමණ පිරිසක් හුදකලා කර ඇති බවද වාර්තාවේ.

මේ අතර එරට සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිලිබඳ සොයාබැලීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇති බව එහි ප්‍රකාශකයකු අප වෙබ් අඩවියට පැවසීය .

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග එකාබද්ධව මෙම ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය .

මෙතෙක් එරට ශ්‍රී ලංකිකයිකුට කොරෝනා වෛරසය අසාධනය වී ඇති බවට තොරතුරු වාර්තාවී නොමැති බවද තානාපති අංශ විදේශ අමාත්යංශය වෙත දැනුම්දී ඇත.

වෙතත් හදිසි තත්වයක් මතුවුවහොත් එරට ශ්‍රී මෙරටට අවශ්‍ය පහසුකම් සැලසීමටද ශ්‍රී ලංකා තානාපති අංශ සූදානමින් සිටින බවද විදේශ අමාත්යංශය සඳහන් කළේය .

ඉතාලියේ වෙනෙටෝහි 78 හැවිරිදි පුද්ගලයෙකු මියයෑමෙන් දිනකට පසුව 77 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර ඇය උතුරු දිග ලොම්බාඩ්හි කුඩා නගරයක් වන කොඩොග්නෝහි පදිංචිකාරියකි.

මේ වනවිට වෛරස ආසාදිතයන් 79 දෙනෙකු ඉතාලියෙන් හමුවී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්