පැතුම් වික්‍රමරත්න
කොරෝනා වෛරසය හේතුවෙන් පසුගිය දිනවල දැඩි ලෙසම බැටකෑ ඉතාලියේ හා ප්‍රංශයේ කොරෝනා මරණ අනුපාතයේ සුළු අඩුවීමක් මේ දින කිහිපය තුල පෙන්නුම් කරන බව යුරෝපා වෛද්‍ය විශේෂඥයින් අවධාරණය කර සිටී .
මාර්තු 19 දිනට පසු ඉතාලියෙ සිදුවූ අඩුම කොරෝනා මරණ සංඛ්‍යාව ගෙවුණු පැය 24 තුල වාර්තාවූ අතර එය 315ක් විය .
ඊට පෙර දිනයේදී එරටින් කොරෝනා මරණ 645ක් වාර්තාවිය .
එසේම ප්‍රංශයෙන්ද ගෙවුණු පැය 24 තුල වාර්තාවූයේ මරණ 315 ක් වන අතර ඊට පෙරදින මරණ 345ක් වාර්තාවිය .
කෙසේ වෙතත් රට තුල ක්‍රියාත්මක කර ඇති දුරස්ථකරන නීති කිසිසේත් ඉවත් නොකරන බව දෙරටෙහිම නායකයින් අද දින මාධ්‍ය වෙත සඳහන් කර ඇත .