නවතම පුවත්

නවසීලන්තයේ කොරෝනා රෝගීන්ගේ අඩුවක්- දේශසීමා නීති දිගටම

අසංක

අසංක

 

නිරන්ජන් හේරත් නවසීලන්තයේ සිට…

පසුගිය පැය විසිහතර තුළදී තවත් කොරෝනා ආසාදිතයෙකු මියගිය බව නවසීලන්ත රජය විසින් අද අනාවරණය කරන ලදී.

මේ අනුව නවසීලන්තයේ කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට 5ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සම්පුර්ණ අසාදිත සංඛ්‍යාව 1349 කි.

මෙම සති අන්තය නවසීලන්තයේ දින හතරක දීර්ඝ නිවාඩු කාලයක් බැවින් කොරෝනා පරීක්ෂණවල යම් ප්‍රමාණයක අඩුවක් දක්නට ලැබුණු අතර පසුගිය පැය විසිහතර තුල පරීක්ෂණ 1660ක් කර තිබේ.

මේ වන විට කර ඇති සම්පුර්ණ පරීක්ෂණ ප්‍රමාණය 62,827කි.

නවසීලන්ත අගමැති ජසින්ඩා ආඩන් මහත්මිය පවසා සිටියේ දැනට රෝගීන් සහ මරණ සංඛ්‍යාවේ අඩු විමක් දක්නට ලැබුනත් එය සාර්ථකව වෛරසය පාලනය කිරීමක් ලෙස අප තේරුම් නොගත යුතු බවයි.

ඒ නිසාම දැනට පවතින දේශසීමා පාලන නීතිරීති ලිහිල් කිරීමක්ද දැන්ම සිදු නොකෙරෙන බවත් ඇය අවධාරණය කලාය.

මේ අතර එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා නවසීලන්ත ජාතික හෙදියක් වන ජෙනී මැක්ගී ට විශේෂයෙන් ස්තූති කරනා මාධ්‍ය වල ප්‍රචාරය වන වීඩියෝව සම්බන්ධව අදහස් පළකරමින් අගමැතිණිය පවසා සිටියේ මේ අවස්ථාවේ මෙම වෛරසය හා සටන් වදින නවසීලන්ත ජාතිකයන් ගැන ඇය ඉතාමත් සතුටුවන බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්