ඉතිහාසයේ මුල්වරට මහරැජින උපන්දින උත්සවය අත්හිටුවයි

Picture of ධර්ම ශ්‍රී තිලකවර්ධන

ධර්ම ශ්‍රී තිලකවර්ධන

අප්‍රේල් 21 දිනට යෙදෙන දෙවන එළිසබෙත් මහ රැජිනගේ උපන් දින උත්සවය ඇය විසින්ම අවලංගු කර ඇත. මේ දිනවල පවතින කොරෝනා වෛරස තත්වය සැලකිල්ලට ගෙන මහ රැජින මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව 21 දින පැවැත්ව්මට නියමිතව තිබු රාජකීය හමුදාවේ සාම්ප්‍රදායික ආචාර මුර පැවැත්ව්ම අත්හිටුවා තිබේ. වසර 68ක මහරැජිනගේ රාජ්‍යත්වය තුළ මෙවැනි උපන්දින උත්සවයක් අවලංගු වුයේ පළමු අවස්ථාවට බව බකිංහැම් මාලිගා ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් මහ රැජින සිය උපන් ද්නය දා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවුලේ අය සමග සම්බන්ධ විමට නියමිතය.
මීට අමතරව ජුනි මස දි පැවැත්විමට නියමිතව තිබු උපන්දින හමුදා ආචාර පෙළපාලිය හා උත්සවයද අවලංගු කර ඇත.මෙම සම්ප්‍රදාය 1748 දි දෙවන ජෝර්ජ් රජු විසින් මෙම සම්ප්‍රදාය අරඹා ඇත.