නවතම පුවත්

ගුරු ගෙදර නව රූපවාහිනී අධ්‍යාපන නාලිකාව අද සිට ඇරඹෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලාංකීය පාසල් සිසු දරුදැරියන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට ශක්තිමත් පිටුබලයක් සපයමින්, හැදෙන අපි හදන තැන තේමාවෙන් ඉදිරිපත් කෙරෙන ගුරුගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාව අප්‍රේල් 20 වනදා වන අද සිට විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ පුර්ණ ආශිර්වාදය හා මගපෙන්වීම යටතේ අධ්‍යාපන ,ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සංකල්පයක් අනුව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ද සහයෝගයෙන් ජාතික රූපවාහිනී සංස්ථාවේ මාධ්‍ය දායකත්වයෙන් ගුරුගෙදර අධ්‍යාපන නාලිකාව ක්‍රියාවට නැංවෙයි. අද  (20) පෙරවරු 8.00 සිට රාත්‍රී 7.00 දක්වා ද රාත්‍රී 10.00 සිට 12.00 දක්වා ද ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන් සමඟ එක්වීමේ අවස්ථාව සිසු දරුදැරියන්ට හිමිවේ. වැඩසටහන් සමාරම්භක දිනයෙන් පසු එනම් අප්‍රේල් 21 දා සිට සෑම දිනකම පෙරවරු 4 සිට අධ්‍යාපන විකාශය ආරම්භ කෙරේ.

 

මේ යටතේ උසස් පෙළ කලා විෂය ධාරාව සඳහා සිංහල, දෙමළ, භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව, බෞද්ධ සංස්කෘතිය යන විෂයයන් ද, වාණිජ විෂය ධාරාව සඳහා ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යාව යන විෂයයන් ද, විද්‍යා සහ ගණිත විෂය ධාරාව සඳහා සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව යන විෂයයන් ද, තාක්ෂණ විෂය ධාරාව සඳහා තාක්ෂණය සඳහා විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණය, කෘෂිකර්මය සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන විෂයයන් ද ආවරණය කෙරේ.

සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සිංහල, දෙමළ, ඉංග්රීවසි, ගණිතය, විද්‍යාව සහ ඉතිහාසය යන විෂයන් ආවරණය කිරීමට නියමිත අතර, සෑම විෂයක් සඳහා ම සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා විෂයට අදාළ ආචාර්යවරුන් සම්බන්ධ වන සාකච්ඡාමය වැඩසටහන් ද පැවැත්වීමට නියමිතය. ගුරු ගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාවේ අධ්‍යාපන වැඩසටහන් සඳහා තාක්ෂණ හා සංවර්ධන සහාය ලබාදීමට ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ආයතනය, ධර්මවාහිනි ආයතනය, සහ ඪ්ඵ් අධ්‍යාපන ආයතනය අධ්යා පන අමාත්‍යාංශය සමඟ එක්ව සිටි. අධ්‍යාපන අමාත්‍යාංශයට අමතරව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය, තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසම මගින් ද සෑම දිනකම රාත්‍රී 10.00 සිට අධ්‍යාපනික වැඩසටහන් විකාශනය කිරීමට අපේක්ෂිතය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්