නවතම පුවත්

ඉදිරියේදී සරසවි සිසුන්ගෙන් 30%කට ඔන්ලයින් අධ්‍යාපනය

අසංක

අසංක

  • විශ්ව විද්‍යාලයට යාමට පෙර නිවසේදීම ඉංග්‍රීසි අධ්‍යාපනය

විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කොට සමාජයට පිවිසෙන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගැනීමට ඉවහල්වන අයුරින් උසස් අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ප්‍රමුඛ විශ්වවිද්‍යාල උපකුලපතිවරු සමග අද (15) සවස ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේදී ය.

ඉදිරි කාලයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගෙන් 30%ක් වත් online හෙවත් මාර්ගගත අධ්‍යාපනයට යොමු කළ යුතු බව හෙතෙම අවධාරණය කර තිබේ.

 

එහිදී ජනාධිපතිවරයා අදාළ අංශ සමග සාකච්ඡා කළ කරුණු පිළිබඳ නිකුත් කළ නිවේදනයේ මෙලෙස දැක්වේ.

” විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව කුමන අර්ථකථන තිබුණ ද සරසවියෙන් පිටව යන තරුණ තරුණියන්ට රැකියාවක් සොයාගත නොහැකිනම් එය නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් විය නොහැකිය. උපාධිධාරීන් රැකියා ඉල්ලා පෙළපාලි යනවා වෙනුවට රැකියා ඔවුන් සොයා එන අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය වේ.

විශ්වවිද්‍යාල සහ පාසල් යළි විවෘත කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව බව මම ඔවුනට පෙන්වා දුන් අතර දැනටමත් හඳුන්වාදී ඇති දුරස්ථ අධ්‍යාපන රටාව තවත් වැඩිදියුණු කිරීමට මේ අවස්ථාව උපයෝගී කරගන්නා මෙන් උපදෙස් දුනිමි. ඉදිරි කාලයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගෙන් 30%ක් වත් online හෙවත් මාර්ගගත අධ්‍යාපනයට යොමු කළ යුතු බව මාගේ දැක්මයි.

පිටරට අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් දහස් ගණනක් කොවිඩ් වසංගතය පැතිරයාමත් සමග මෙරටට ගෙන්වා ගැනීමට අපට සිදුවූ අතර සිසුන් මෙතරම් පිරිසක් විදේශගතවීම යහපත් ලක්ෂණයක් නොවේ.

ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් පිට රටට ඇදී යෑම මෙන්ම දරුවන් තමන්ගෙන් ඈත්ව සිටීම දෙමව්පියන්ටද පීඩනයකි. මේ තත්වය නතර කිරීමට නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය විවිධාංගීකරණය විය යුතුයි.

සන්නිවේදන තාක්ෂණය ඇතුළු නව තාක්ෂණික දැනුම, හෙද වෘත්තීය, සංචාරක ව්‍යාපාරය, ගුරු වෘත්තිය වැනි ක්ෂේත්‍රවල උපාධි පාඨමාලා හඳුන්වාදීම අතිශය වැදගත් වේ.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කොට අඩු වියදම් නව පරිගණක එකලස් කිරීමේ හැකියාව පිළිබද මම සරසවි බලධාරීන්ට පෙන්වා දුන්නෙමි. සරසවි ඉංජිනේරු පීඨ ඇතුළු එවැනි විෂය දැනුම සහිත කණ්ඩායම්වලට ඒ සඳහා සහායවීමට පිළිවන. අනාගතයේ දී විශ්වවිද්‍යාලයට පිවිසෙන සෑම දරුවෙකුටම පරිගණකයක් ලබා ගැනීමේ පහසුව සැලසිය යුතුය. උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාලයට පිවිසීමට සුදුසුකම් ලබන සියලුදෙනාට විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට පෙර නිවසේ සිට ඉංග්‍රීසි සහ පරිගණක අධ්‍යාපනය ලබාදීමට සැලසුම් සකස් කළයුතුයි.” යැයිද ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා කළ කරුණු පිළිබඳ නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සරසවි වරම් ලබන ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙවර බඳවා ගන්නා පිරිස 7500කින් වැඩිකර ඇතැයි සඳහන් කළේය.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරු, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සෙසු සාමාජිකයෝ සහ විශ්ව විද්‍යාල උපකුලපතිවරු සාකච්ඡාවට එක්ව සිටියහ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්